
වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ සහ බිරිඳ සීලියා ඇමෙරිකා හමුදා විසින් පැහැරගෙන යනු ලැබීමෙන් පසු, එරට ව්‍යවස්ථාවට අනුව, උප ජනාධිපති ලෙස කටයුතු කරමින් සිටි ඩෙල්සි රොඩ්රීගස් ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නාය.
56 හැවැරිදි ඩෙල්සි රොඩ්රීගස්, නිකලස් මදුරෝගේ හිතවාදියෙකි. එසේ වුවත් ඇය පවසා ඇත්තේ, ඇමෙරිකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවය. මේ අතර, ඩෙල්සි රොඩ්රීගස්, සිය පළමු කැබිනට් හමුව ද පැවැත්වූ බව වාර්තා වේ.
වෙනිසියුලාවේ ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරයා රාජකාරියෙන් ඉවත් වූ විට ජනාධිපති ධුරය හිමිවන්නේ උප ජනාධිපතිටය. ඒ අනුව, ඩෙල්සි රොඩ්රීගස්ට පාර්ලිමේන්තු නියෝජිතයන් 283 දෙනාගේ සහාය හිමිවිය. ජනාධිපති නිකලස් මදුරෝ, එරට විපක්ෂ දේශපාලන පක්ෂ දැඩි ලෙස මර්දනයට ලක් කර ඇති බැවින්, පාර්ලිමේන්තුවේ සිටින්නේ විපක්ෂ මන්ත්‍රීවරුන් අතලොස්සක් පමණි.
මදුරෝ සහ බිරිඳ සීලියා අල්ලා ගෙන ඇමෙරිකාවට රැගෙන ඒමෙන් පසු ට්‍රම්ප් මාධ්‍ය හමුවේ කියා සිටියේ වෙනිසියුලාවේ පාලනය ඇත්තේ ඇමෙරිකාව සතුව බවය. වෙනිසියුලාවේ තෙල් ඇමෙරිකන් සමාගම් විසින් කළමණාකරනය කරනු ඇතැයි ද ට්‍රම්ප් වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd