
(විමුක්ති එස් රුද්රිගු)
සන්නද්ධ කණ්ඩායම් ඇමෙරිකානු පුරවැසියන් සොයා වෙනිසියුලාවේ මාර්ගවල බාධක යොදා ඇති බැවින් වහාම වෙනිසියුලාවෙන් පිටවන ලෙස ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව සිය පුරවැසියන්ට දැනුම් දී ඇත.
වෙනිසියුලානු ජනාධිපති මදුරෝ පක්ෂපාති "කලෙක්ටීවෝස්" නම් සන්නද්ධ කණ්ඩායමක් එරට සිටින ඇමෙරිකානු ජාතිකයන් සොයන බවට තොරතුරු ලැබී ඇතැයි ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති එම ආරක්ෂක නිවේදනයේ සඳහන් වේ.
එසේම එම කණ්ඩායම කරකස් නගරයේ මාර්ග බාධක යොදමින් ඇමෙරිකානු ජාතිකයන් සොයා වාහන පරික්ෂා කරන බවටද තොරතුරු ලැබී ඇතැයි එහි දැක්වේ.
ඒ හේතුවෙන් වෙනිසියුලාවේ සිටින ඇමෙරිකානු ජාතිකයන් ඉතාමත් සැලකිළිමත් විය යුතු බවත් හැකිතාක් ඉක්මණින් ඇමෙරිකානු වැසියන් වෙනිසියුලාවෙන් පිටවිය යුතු බවත් එම නිවේදනයේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd