
(විමුක්ති එස් රුද්‍රිගු)
වෙනිසියුලාව කිසිවකුටත් යටත් නොවන බවත් වෙනිසියුලාව පාලනය කරනු ලබන්නේ වෙනිසියුලානු රජය බවත් වෙනිසියුලානු අන්තර්වාර ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් මහත්මිය එරට රාජ්‍ය රූපවාහිනී නාලිකාව ඔස්සේ ජනතාව අමතමින් ප්‍රකාශ කළාය.
ඇමෙරිකාවට හෝ වෙනත් කිසිම පාර්ශ්වයකට වෙනිසියුලාව පාලනය කළ නොහැකි බවද ඇය සඳහන් කළාය.
ඇමෙරිකානු ජනාධිපතිවරයා තමන්ට පුද්ගලිකව තර්ජනය කර ඇති බවත් තමගේ දෛවය තීරණය කරනු ලබන්නේ දෙවියන් මිස ඇමෙරිකාව නොවන බවත් එයට තමා ලබාදෙන පිළිතුර බවත් අන්තර්වාර ජනාධිපතිවරිය පැවැසුවාය.
තම ජනතාව ඉතාමත් සාමකාමී බවත් වෙනිසියුලානු ජනතාව වෙනත් කිසිවකුට කරදරයක් නොවී ඔවුන්ගේ ගමන් මාර්ගයේ ගමන් කරන පිරිසක් බවත් රොඩ්රිගස් මහත්මිය කීවාය.
වෙනිසියුලානු ජනතාව අධ්‍යාත්මික වශයෙන් වර්ධනය වූ පිරිසක් බවත් තම ජනතාවට අභියෝග, තර්ජන හා ආක්‍රමණශීලීත්වයට මුහුණ දෙමින් ඉදිරියට ගමන් කිරීමට හැකියාව තිබෙන බවත් ඇය ප්‍රකාශ කළාය.
COMMENTS
ට්‍රම්ප් අප්පොච්චිට නම් ඕවා තේරෙයිද මන්දා ?
ට්‍රම්ප් වගේ අදූරදර්ශී ගොබ්බ නාකි මහල්ලෙක්ට හොද ටොක්කක් ඇන්නේ මෙතුමිය....
මුන්ගේ මරි මෝල් කොමියුනිස්ට් මතවාද නිසා මුන් හිඟමනටම වැටිලත් මුළු රටක් ලැජ්ජාවට පත් කරලා රටේ නායකයා වෙනත් රටකින් පැහරගෙන ගිහිල්ලාත් සුපුරුදු උධ්ධච්ඡකම් අඩු වෙලා නැහැ. මොළේ පාවිච්චි කරලා තෙල් ටික ඇමෙරිකන් උන්ට විකුණගෙන උන්ට ඉතා සැපෙන් ඉන්න පුළුවන්.