(අංජුල මහික වීරරත්න)

වගකිව යුතු ආණ්ඩුවක් කළ යුත්තේ වගා කර පාඩු සිදු වුවහොත් වන්දි දෙන්නම් යැයි කීම නොව පාඩු සිදු නොවන ලෙස වගා කටයුතු සිදු කිරීමට ගොවියාට පහසුකම් ලබා දීම යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

ආණ්ඩුව විසින්ම ගොවීන්ට පාඩු සිදුවන තැනට වැඩ සලසා ඉන්පසුව වන්දි දීමෙන් රටේ ආර්ථිකය ගොඩ ගන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළ වජිර අබේවර්ධන මහතා මෙවැනි කතා කියන අයගේ මොළය පරීක්ෂා කළ යුතුව ඇතැයි ද සඳහන් කළේය. 

"රට අඳුරු  තත්ත්වයකට පත්ව තිබියදී පළාත් සභා මැතිවරණයක් ගැන කතා කරනවා.

පළාත් සභා මැතිවරණය ගැන කතා කිරීමට පෙර රටේ ඡන්ද දායකයින් ඡන්ද පොළට ගෙනයා හැකි ක්‍රමවේදයක් රටෙි තිබෙනවාද කියා අප සොයා බැලිය යුතුයි"යනුවෙන්ද වජිර අබෙිවර්ධන මහතා පැවසීය .