
(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
අඹෙිපුස්ස දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි කීණදෙනිය ගල්වැඩපල අසල දුම්රිය හරස්මාර්ගයේදී අද(30) උදෑසන වෑන් රථයක් දුම්රිය හරස් මාර්ගය පසුකර යන අවස්ථාවේදී මහනුවර සිට බෙලිඅත්ත දක්වා ධාවනය වෙමින් පැවති සීඝ්‍රගාමී දුම්රියේ ගැටී තුවාල ලැබූ රියදුරා වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි මීරිගම පොලිසිය කියයි .
අනතුර සිදුවන විට වෑන් රථයේ ගමන් කර ඇත්තේ රියදුරා පමණක් බවද වාහනයට බරපතල ලෙස හානි සිදුවී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි .
තුවාලකරු රෝහල් ගතකර වාහනය ඉවතට ගැනීමෙන් පසු දුම්රිය ගමනාන්තය බලා පිටත් වී ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd