(ඉන්දිකා රාමනයක සහ ශාන්ත චන්ද්‍රසිරි)
කොවිඩ් ආසාදනය වී මිය ගිය පුද්ගලයකුගේ මළ සිරුරකට ආරක්ෂාව සපයමින් ගමන් ගත් වෑන් රථයක් හැටන්, වටවල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක් පමණ ප්‍රපාතයකට අද (05) උදෑසන පෙරළීමෙන් උප පොලිස් පරීක්ෂකවරයකු ජීවිත්කෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි වටවල පොලීසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හැටන් පොලීසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කරන ලද එස්. බෙනඩික් (57) නැමැති කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලීසිය කියයි.
හැටන්- දික්ඔය මුලික රෝහලේ සිට මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශය දක්වා එම මළ සිරුර රැගෙන යමින් සිටි රථයකට ආරක්ෂාව සැපයීම සඳහා පොලිස් නිලධාරීන් ගමන්ගත් වෑන් රථයක් හැටන්- අවිස්සාවේල්ල මාර්ගයේ වටවල, කැරොලිනා ප්‍රදේශයේදී අඩි සියයක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුරු සිදුව ඇතැයි පොලීසිය පවසයි.
අනතුරින් තවත් පොලිස් නිලධාරීන් තිදෙනකු, වෑන් රථයේ රියදුරා සහ මියගිය අයගේ ඥාතීන් කීප දෙනකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කොට තිබේ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මළමිනියකට මාර ආරක්ෂාවක් දීලා අරන් යන්නේ මම ඉන්න හරියෙත් ඔහොමයි. පුච්චන්න තියෙන උනන්දුව කොරෝනා හැදුණාම ඉස්පිරිතාලෙට එක්කන් යන්නේ නම් නෑ...
VIP මරණයක්ද ආරක්ෂාව දාගෙන ඔච්චර දුර ගෙනියන්නේ. අනේ මන්දා..!!!
කොරෝනා මරණෙට ආරක්ෂාව දෙන්නේ මරණේ පැනලා දුවයි කියලද? අනේ මෙහෙමත් මෝඩ රැළක්...
මරණයට ආරක්ෂාව දෙන්නේ නැයෝ මරණේ අරන් ගිහිල්ලා කොහේහරි වලදායි කියලයි...
අනේ පවු...!!!
අඩේ මෙච්චර දෙයක් වෙලත් අර මැරිච්ච පොලිස් නිලදාරීයට නිවන් සුව කියලවත් එකෙක් කියල නෑ... අනිත් අයට ඉක්මන් සුව කියලවත් නෑ එච්චරට අපි පිරිහිලද යාලු