(ඩබ්ලිව්.ඒ. අසේල සහ සුරංග රාජනායක)

දෙල්තොට පට්ටියගමවත්ත උඩ කොටසේදී කිලෝමීටරයකට වඩා ප්‍රපාතයකට කැබ් රථයක් පෙරලීමෙන් එහි රියදුරු හා එහි ගමන් ගත් තවත් අයකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි ගලහ පොලිසිය කියයි.

පෞද්ගලික දුරකතන සමාගමකට අයත් සම්ප්‍රේෂණ කුළුණක නඩත්තු කටයුත්තක් සඳහා දෙල්තොට ප්‍රදේශයේ අධික කඳු හා බෑවුම් සහිත පෙදෙසකට ගමන් කරමින් සිටි මෙම කැබ්රථය අධික බෑවුමට පෙරලී ඇත.

එම අනතුරෙන් එහි සිටි වයස අවුරුදු හතලිස් තුනක් වන කාර්මික නිලධාරියකු වන දර්ශන බණ්ඩාර කීර්තිසිංහ හා වයස අවුරුදු තිස් හයක් වන රියදුරු මෛත්‍රිපාල මෙසේ මරුමුවට පත්වී ඇති අතර ඔවුන් ගම්පොල හා මහනුවර පදිංචිකරුවන් වේ.