(නිමල් ජයරත්න ) 

පොළොන්නරුව දියබෙදුම කෝඳුරුවාව ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් ගොවිමහතෙකු මියගොස් ඇති බව දියබෙදුම පොලිසිය කියයි.
 
මියගොස් ඇත්තේ කෝඳුරුවාව,යාය 32 ගම්මානයේ පදිංචිව සිටි අවුරුදු 58 ක් වයසති පී.මෝහන් රාජ් යන එක් දරු පියෙකි. තම කුඹුර වන අලින්ගෙන් ආරක්ෂා කිරීම සඳහා පැල් රැකීමට තවත් පුද්ගලයෙකු සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී වන අලි ප්‍රහාරයට ලක්ව ඇත.

කෝඳුරුවාව රක්ෂිතයේ සිට එක්වර මාර්ගයට කඩා වැදී ඇති වන අලියෙකු මෙලෙස මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයාට පහරදී ඇත. වන අලි පහරදිම සිදුවන අවස්ථාවේ මියගිය පුද්ගලයා සමග ගමන් ගත් අනිත් පුද්ගලයා දිව ගොස් තම දිවි රැකගෙන ඇත.