



(කාංචන කුමාර ආරියදාස)
සීගිරිය අභය භූමියේ සියලු වැව් ජල උල්පත් සිඳීයාම හේතුවෙන් වන අලීන්ට සහ වන සතුන්ට වතුර බීම සඳහා වැව ඉස්මත්තේ ඉදිකරන ලද ජල පොකුණ හීලෑ අලි දෙදෙනකු යොදවා විවෘත කිරීම අද (21) සිදු කෙරිණි.
සීගිරිය වනජීවී කාර්යාලය සීගිරිය මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරිය පුරාවිද්‍යා කාර්යාලය සහ පින ව්‍යාපෘතිය මගින් මෙම වන සතුන් සහ වන අලින් සඳහා ජල තටාකය ඉදිකර තිබිණි.
මෙම ජල තටාංගය ජලය පානය කිරීම සඳහා සීගිරිය අභය භූමියේ සිටින වන අලින්, මුවන්, ගෝනුන්, රිලව්, වඳුරන් සහ ඉත්තෑවන් වැනි සතුන් රැසක් පැමිණෙන බව වනජීවී නිලධාරීහු පවසති.
සීගිරි පව්ව ඉදිරිපිට ඇති අභය භූමියේ වැව වනසතුන්ගේ දිය පිපාසාව නිවා ගත් බවත් මේ වන විට සීගිරිය අභය භූමියේ සෑම වැවක්ම ඇළක්ම දොළක්ම සිඳී යාම හේතුවෙන් වන සතුන් දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.
වන සතුන් වෙනුවෙන් සිගිරිය ප්‍රදේශයේ රාජ්‍ය ආයතන තුනක් එකතු වී සිදුකළ මෙම මාහැඟි ක්‍රියාව සතුන් වෙනුවෙන් සිදුකළ මහා පුණ්‍යකර්මයක් බව ප්‍රදේශවාසීහු පවසති.
සීගිරියේ මධ්‍යම සංස්කෘතික අරමුදල කාර්යාල සඳහා රැගෙන යන ජල නලයකින් මෙම පොකුණ සඳහා ජලය සැපයීම සිදු කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සනයි කර්තව්‍යය. පොකුණු නිර්මාණය නම් මෙලෝ රහක් නැහැ. දෙන්න ඩිස්ලයික් දැන්..
මොකක්ද මේ හීලෑ අලී කතාව... ?
අගය කළයුතු වැඩක්... මේක කරපු සැමදෙනාටම පින්...
මේ දවස්වල ඔක්කොම විවෘත කරන්නේ අලිතමයි.
කැළණි ,කළු ගංගා වල ජලය කොහොම හරි උඩහට හරවන්න කාලේ හරි. කැළණි ගඟ උඩින් යනකොට එතැනට එන, පාවිච්චි නොකර මුහුදට යන ජල කඳ උඩහට කොහොම හරි හැරෙව්වොත් නරකද?