
(අංජුල මහික වීරරත්න)
වන අලි ජීවිත සුරැකීම මෙන්ම ග්‍රාමීය ජනතාවගේ ජනජීවිතය සුරක්ෂිත කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අදාළ අමාත්‍යවරුන් හා නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
දිනෙන් දින ඉහළ යමින් පවතින වන අලින්ට සිදුවන හිරිහැර සහ ග්‍රාමීය ජනතාවගේ ජීවිතයට සිදුව ඇති බලපෑම සම්බන්ධ වත්මන් තත්ත්වය මෙහිදී ජනාධිපතිවරයාගේ විමසීමට ලක්විය.
මෙහිදී නිලධාරීන් විසින් මේ සම්බන්ධව පවතින වත්මන් තත්ත්වය මෙන්ම ඊට විසඳුම් සෙවීමේදී දීර්ඝ කාලයක් තිස්සේ අදාළ ආයතන මුහුණ දෙන ගැටලු පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානයට යොමු විය.
මේ පිළිබඳව අදහස් දැක් වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ කුමන තත්ත්වයක් යටතේ වුවද වන අලින්ට සිදුවන හිරිහැර පිළිගත නොහැකි බවයි.
ඒ වෙනුවෙන් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන විසඳුම් සෙවීමට පියවර ගත යුතු බව ජනාධිපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වන අලි ගම් වැදීමට හේතුව කුමක්දැයි කිසිවෙක් නොකියයි. මූලික හේතුව අලි ගහනයට අනුරූපව වනගහනය වර්ධනය නොවීමයි. වනයේ ආහාර මද බැවින් ගොවිබිම් ආක්‍රමණය කිරීම වැලැක්විය නොහැක. ඒ අතර මිනසා වනය ආක්‍රමණය නොකොවේ. විදුලි අලි වැට අසාර්ථක බව ඔප්පුවී හමාර ය. ඒත් බොහෝ දෙනා අලි වැටට කැමති එහි ඇති කොමිස් නිසාවෙනි. සංචාරකයින්ට අලි නැරඹීමට අලිබිම් වලට යාමට සුදුසු ක්‍රමවේදයක් සැකසිය යුතුය. ජනාධිපතිතුමා කොතරම් සාකච්ඡා පැවැත්වුවත් නිලධාරීන් මේ ඇත්ත වසං කරන්නට හේතුව මොනවට පැහැදිලිය. අපි කාට කියමුද? අලි කානුවේ සාර්ත්ථකත්වය දැකගැනීමට කැමතිනම් පොල් පර්යේෂණායතනය මගින් මහවැලි බී කලාපයේ මාදුරුඔය වගාකර ඇති පොල්වගාව බලන්න. අදටත් එය කිසිදු අලි හානියකින් තොරව මනාව පවතී.
පැරකුම් ලියනගම අලි වැටෙන් ලැබෙන කොමිස් සම්බන්ධව කර ඇති ප්‍රකාශය සහ යෝජනාව නිසා සමහර අයට තදටම ශොක් එක වැදිලා ඇති. ජනාධිපතිතුමාට බී කලාපයේ මාදුරු ඔය පොල් වගාව බලන්ට වේලාවක් නැතිනම්, අඩු ගණනේ ඒ ගැන වීඩියෝ එකෙන් බලලා හරි, අලි-මිනිස් ගැටුම නවත්වන්ට කටයුතු කරනවා නම් ගොඩක් පිං. දෙගොල්ලන්ගෙම ජීවිත රැකෙයි.