
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව වෙම්බුවැව හා වනාතවිල්ලුව පරණ එළුවන්කුලම යන ප්‍රදේශවල වන අලි දෙදෙනෙකු මරණයට පත්ව සිටියදී සොයා ගත් බව පුත්තලම දිස්ත්‍රික් වනජීවි සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා අද (21) පැවසිය.
මෙලෙස මරණයට පත්ව ඇති එක වන අලියකු වෙඩි තැබිමෙන් මරණයට පත්ව ඇති බවට වනජීවි නිළධාරීන් සැකකරන අතර මෙම අලියාගේ වයස අවුරුදු 30 කට ආසන්න බව කියයි.
ඒ සමගම ආණමඩුව වෙම්බුවැව ප්‍රදේශයෙ නිවසක් පිටුපස විදුලි සැර වද්දවා අවුරුදු 30 ක පමණ තවත් වන අලියකු මරා දමා ඇති බව වනජීවි නිළධාරීන් පවසයි.
ආණමඩුව වෙම්බුවැව විදුලි සැර වද්දවා අලියා මරා දැමු ස්ථානයේ මෙයට පෙරද මෙලෙසම විදුලි සැර වද්දවා අලියකු මරා දමා ඇති බව කියයි.
අදාල ඉඩම් හිමිකරු විදුලි සැර වද්දවා වන සතුන් දඩයම් කර මහා පරිමානයෙන් දඩ මස් අලේවි කිරීමේ නිරත ව සිටින අයකු බව කියයි.
මෙම සිද්දිය සම්බන්ධයෙන් වනජීවි නිළධාරීන් හා ආණමඩුව පොලිසිය එක්ව පරික්ෂණ අරඹා ඇති අතර කලින් අලියකු විදුලි සැර වද්දවා මරා දැමිමට සම්බන්ධව මෙම ඉඩම හිමිකරුට ආණමඩුව අධිකරණයෙ නඩුවක් විභාග වෙමින් පවතින බවද කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දළදා පෙරහරේ සහ සත්ව හිංසනය ... හක්කපටස් වන අලි මරණ...