





(නිශාන්ත කුමාර)
කන්දකැටිය හා මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගම්මාන කිහිපයකට අද(11) අලුයම කඩාවැදුණු වන අලි රංචුවක් බෝග රැසක් විනාශ කර දමා ඇතැයි ගොවීහු කියති.
කරමැටිය පරණ මහියංගන පාර වැව්පිටිය, අලි ඔලුව, බුබුල දඩයම්තලාව ඇතුළු ගම්මාන කිහිපියක, වපුරා තිබූ කුඹූරු යායවල් කිහිපයක් වන අලි පාගා විනාශ කර ඇති අතර, කෙසෙල්, ඉරිඟු, පොල් ඇතුලු වගා රැසකට ද හානි කර ඇත.
රන්දෙනිගල රක්ෂිතයේ සිට කඩාවැදුණු හත්දෙනෙකුගෙන් යුත් වන අලි රංචුවක් ගම්මානයට ආසන්න වන ලැහැබක රැඳීසිටිමින් අඳුර වැටෙනවිට ගමට කඩාවඳින බව ඔවුහු පවසති.
මෙම අලි රංචුව බදුල්ල රන්දෙණිගල මාර්ගයේ රජ මාවත ප්‍රදේශයේ පිහිටි මංකඩකින් ඇතුලුවී ගම්වදින බවද දින කිහිපයක සිට අලි අලුයම ගම්මාන පුරා සැරිසැරීම හේතුවෙන් නිවෙස්වලින් පිටතට යාම පවා අනතුරුදායක තත්වයකට පත්ව ඇතැයිද ගම්මු පවසති.
මේ සම්බන්ධයෙන් වන ජීවී අංශ දැනුවත් කළද තවමත් නිසි ප්‍රතිචාරයක් ලැබී නැතැයිද ඔවුහු කියාසිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගම්මානවල නම් වල හැටියට මේවා සත්තුන්ට අයිති පළාත්... ඒ නිසා සත්තුන්ට බනින්න බැහැ.
අලින්ගේ කැලේ කැපුවනම් ඒ අය දඩුවම් කරනවා.