(තිලකරත්න දිසානායක) 

ගම්පහට නුදුරු ප්‍රදේශයක කාන්තාවක්  නිවසෙහි උඩුමහලින් බිමට පැනීම හේතුවෙන් තුවාල ලබා  රෝහල්ගත කළ බව ගම්පහ පොලිසිය කියයි.

40 හැවිරිදි වියෙහි පසුවන මෙම කාන්තාව විධායක ශ්‍රේණියේ රැකියාව කරන්නියක් බව ද පොලිසිය පවසයි. 

කාන්තාව බිමට පැනීමෙන් පසුව ඇගේ සැමියා  1990 හදිසි ප්‍රතිකාර ගිලන්රථ සේවයට දැනුම් දී  රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇතැයි පොලිසිය පවසයි.

කාන්තාව උඩු මහලින් බිමට පැනීම හේතුවෙන් කොදු ඇට පේලියට දැඩි ලෙස හානි සිදුව ඇති බැවින් වැඩි දුර ප්‍රතිකාර පිනිස කොළඹ ජාතික රෝහලට මාරු කොට යැවු බවත් රෝහල් ප්‍රකාශිකාව සදහන් කළාය.

නිවසේ සිදුවන හිරිහැර උහුලා ගත ගත නොහැකිව නිවසෙහි උඩුමහලින් බිමට පැනීම සිදු කළ බවත් රෝගී කාන්තාව පැවසී යැයි ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ප්‍රකාශිකාවක් සදහන් කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ වැඩි දුර පරීක්ෂණ සිදු කෙරේ.