(මොහොමඩ් ආසික්)
විදෙස්ගත ශ්‍රමිකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සැකසිය යුතු බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.
එම සංවිධානයේ වැඩබලන විධායක අධ්යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ඡන්දය හිමි ලක්ෂ ගණනක පිරිසක් විදේශගතව සිටීම නිසා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ඔවුන්ට අහිමි වන බවයි.
ලංකාවේ ආර්ථිකය වර්ධනය කිරීම සඳහා විදේශ විනිමය උපයන මෙම පිරිසට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමිවීම බරපතල කරුණක් බවත් මේ සඳහා සුදුසු වැඩපිළිවෙළක් ඉදිරියේදී සැකසිය යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.
විදෙස්ගත ශ්‍රමිකයින් අතුරින් වත් පොහොසත්කම් ඇති ඇතැම් අය පමණක් මැතිවරණය සදහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව පෙන්වා දෙන අහමඩ් මනාස් මහතා සදහන් කරන්නේ තානාපති කාර්යාල ඔස්සේ ඊට සුදුසු වැඩපිළිවෙළක් සැකසිය හැකි බවයි.
විදෙස්ගත ශ්‍රමිකයින් විශාල පිරිසක් මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණීම අගය කළ යුතු ක්‍රියාවක් බව ඒ මහතා පෙන්වා දෙයි. නමුත් විදෙස්ගත පිරිසෙන් අති මහත් බහුතරයකට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ගිලිහී යන බවත් කැෆේ සංවිධානය අවධාරණය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද අදහසක්. පිටරට ඉන්න අය රටේ ඇත්ත තත්වය දකිනවා. වෙන රටවල් වල අයට එහෙම පහසුකම් තියෙනවා.
කරන්න පුලුවන්නම් ඉතා වටිනා දෙයක්. මේ රට වල ඉන්න වැඩි දෙන දේශපාලන වහලුන් නොවේ. රටට යහපතක් වෙන ආකාරයට ඡන්දය පාවිච්චි කරාවි
අනේ ඒ වැඩේ නම් අවශ්‍ය නැහැ. අම්මගේ තාත්තගේ මළ ගෙදරටවත් ලංකාවට එන්නේ නැති මිනිස්සු දැන් ඔය පෝලිම් ගැහිලා එන්නේ ඡන්දෙ දාන්න. පිටරටවල ජීවත් උවත්, කල්ලි ගැසුන ගුබ්බෑයම් සංස්කෘතිය තුල ජීවත් වෙන ඔය කියන ගෝත්‍රිකයින්ට තිබෙන එකම විනෝදාංශය තමයි ලංකාවේ දේශපාලනය. ඒ මදිවාට,මුදල් සම්මාදමටත් හරිම දක්ෂයි. පුහු දේශප්‍රේමය මවා පෙන්වා රට වෙනුවෙන් කියලා, ගානක් පහසුවෙන් සාක්කුවට දා ගන්නත් පුළුවන්නේ. පක්ෂ වලට බෙදුණු කල්ලි හැර, වෙනත් රටවල ජාතීන් මෙන් එකට සිට රටක් නියෝජනය කල හැකි ජාතියක් අවාසනාවට, අප රට සතුව දැන් නැහැ.
ලොව ඕනෑම රටක වෙසෙන මාලදිවයින් ජනතාවට තමන් සිටින රටේ ඇති මාලදිවයින් තානාපති කාර්යාලයට ගොස් තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන් වැඩපිළිවෙලක් එරට රජය මගින් සකසා තිබෙනවා. එවන් ක්‍රමයක් අපිටත් අවශ්‍යයි..
ලංකාව ජීවත් කරවන මේ මිනිසුන්ට ඡන්දය අයිතිය ලබා දීම මගීන් ඔවුන්ගේ අවශ්‍යතා ගැනත් විමසිලිමත්වන්න දේශපාලකයන්ට බලකෙරෙනු ඇත.
ගැටලුව කුමක්දැයි නොපෙනේ. ලංකාවේ සිටින මාලදිවයින් සංචාරකයින් ඔවුන්ගේ තානාපති කාර්යාලයට ගොස් ඡන්දය ප්‍රකාශ කරන අන්දම අප දැක ඇත. අවශ්‍යතාවය ඇත්නම් බලධාරීන්ට මෙය ඉතා පහසු කාර්යයකි.
මේ වැනි දෙයක් ක්‍රියාත්මක වන තුරු කවදා නැතත් මේවර අපි ලංකාවට ලැමින ඡන්ද භාව්තා කරන්නෙමු. අපි ලෝකයේ කොතැනක රැකියාවක් කළද මව්බිම රැකී තිබිය යුතුය. ඒ අපේ එකම උරුමයයි.
ඡන්දෙ ගන්නනම් කතා කරනවා. පිටරට දුක් විදින මිනිස්සුන්ට කිසිම රජයකින් කිසිම දෙයක් කරනවද?
අනේ ඡන්දේ ඕනේ නැහැ. මෙහෙත් මේ පිල්වලට බෙදිලා මරාගන්න හදන්නේ. ඔය යන විදිහට යමු.
ගෝඨාභය පිලට නම් මේ ප්රශ්නය බලපාන්නේ නැහැ. විදේශගතව ජීවත්වෙන ඔවුන්ගේ පාක්ෂිකයන් 180,000 දෙනා ඡන්දය දැමීම වෙනුවෙන්ම ලංකාවට එන බව සති කිහිපයක ඉඳලා ප්‍රසිද්ධියේ කියනවානේ.
සමහරුන්ට ඇත්ත, යතාර්ථය ඇති සැටියෙන් ඇසුනාම භූමිතෙල් ගෑවුණු ගැරඩින් සේ දැඟලීම මා හට නම් අමුතු දර්ශනයක් නොවේ. ලංකාවේ දේශපාලකයින්ට පින්සිදු වන්නට උපන් දේශය හැරදමා ගොස් විදේශ රටවල සිට තම දෙමව්පියන් සහෝදර සහෝදරියන් ජීවත් කරවන අති බහුතර ශ්‍රී ලාංකිකයින් ගැන මම නොදන්නවා නොවෙයි. ඔවුන් සම්බන්ධයෙන් මා තුල ඇත්තේ විශාල ගෞරවයක්. විදේශගතවී සිටින එවැනි වැදගත් ලාංකිකයින්ට, ලංකාවේ දේශපාලන නාඩගම් වෙනුවෙන්, කාලය හෝ මුදල් වැයකරමින් ඔවුන්ට ආවැඩීමේ රුදාවක් ද නැත. ලංකාවේ සිටි හොර තක්කඩි ඔස්තාර්ලා දේශපාලකයින්ගේ අනුහසින් පිරටවලට පැනගෙන විවිධ ක්‍රම අනුගමනය කරමින් අසරණ ජනතාවගේ මුදල් ගසාකන අවස්ථාද අප අසා ඇත. ප්රබුද්ධ ජනතාවක් වෙසෙන රටක ජනතාවකට නම් මේ විදේශගත ඡන්දය ඉතාම වටිනා හා එය ක්‍රමානුකුලව කළ හැකි වුවත්, ලාංකිකයින්ට නම් එය" වඳුරාගේ අතට දැලිපිහිය දුන්නා" වැනි යමක් සිදුවෙන බව මට ඉවෙන් මෙන් හැඟෙයි.?