(අංජුල මහික වීරරත්න)
මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට හා ඔවුන්ට නිදහසේ සංචාරය කිරීමට අවශ්‍ය වටපිටව සකස් කිරීමට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබේ.
ශ්‍රී ලංකාවට එන සංචාරකයන් ත්‍රිරෝද රථ හිමියන්ගේ විවිධ අකටයුතුකම් නිසා පීඩාවට පත්වන බවටත් යම් පිරිසක් ඔවුන්ගේ දේපොළ සොරකම් කරන බවටත් සංචාරක හෝටල් හිමියන් පිරිසක් විසින් කළ දැනුම්දීමකට අනුව සාගල රත්නායක මහතා මෙම උපදෙස් දී තිබේ.
ඉකුත් සතියේ මහා පරිමාණ සංචාරක හෝටල් හිමියන් සේම කුඩා හෝටල් හිමියන් ද ඇතුළුව පිරිසක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මුණ ගැසී මේ කරුණු පැමිණිලි කර තිබිණි.
එහිදී හෝටල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර මේ වන විට රටෙි ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් නැතත් විමසිල්ලෙන් සිටීම සුදුසු බව සාගල රත්නායක මහතා පෙන්වා දී තිබේ.
එසේම හෝටල්වල පිහිටීම පිළිබඳ දළ සැලැස්මක් ආරක්ෂක අංශ සතුව තිබිය යුතු බව ද මෙහිදී රත්නායක මහතා අවධාරණය කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදෙස් සංචාරකයන්ගේ නිදහස වැඩි කරන්න ආරක්ෂක දැලක්
පැරකුම් Saturday, 29 April 2023 10:25 AM
දැල් දාලා මේවා නවත්තන්න බැරිබව රජයට අවබෝධ නොවීම අපගේම අවාසනාවයි. ජනතාවගේ ආර්ථිකය නැංවූ විට මේ ප්‍රශ්න ඉබේම නිරාකරනය වනු ඇත. ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට රජය යුහුසුලු විය යුතුයි. එසේ නොමැතිව මෙවැනි පැලැස්තර දැමීමෙන් කාලයත්, මුදලත් නාස්ති වේ.