
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
දෙමට ගොඩ වේළුවන පාර ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සහ එම පතුරම් 12 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
එයින් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිණි අවිය සන්තකයේ තබා ගැනීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙනි.
වැඩ බලන පොලිස්පති වරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම ගිණි අවිය සහ පතුරම සොයාගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24/42 පසුවන දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd