
(අංජුල මහික වීරරත්න)
විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පනත යටතේ සාදන ලද නියමය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වෙනත් රටවල නඩු තීන්දු ශ්‍රී ලංකාවේ පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම සඳහා 2024 අංක 49 දරන විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පනත මඟින් විධිවිධාන සලසා ඇත.
ඒ අනුව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය විසින් අදාළ පනතේ විධිවිධාන ප්‍රකාරව සාදන ලදුව, අංක 2429/51 දරන 2025-03-28 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති නියමයක් මඟින් එබඳු නඩු තීන්දු පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම අදාළ කරගත යුතු විදේශ රටවල් නිශ්චිත ව දක්වා ඇත. එකී නියමය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදෙස් නඩු තීන්දු පිළිගන්න පනත පාර්ලිමේන්තුවට
Samadhi Tuesday, 27 May 2025 04:54 PM
මෙය තමයි ආණ්ඩුවෙන් දැක්ක හොඳම දේ.. නමුත් මේවා කවදා ඉඳන් ක්‍රියාත්මක වෙයිද කියලා සැකයි.
mangala Tuesday, 27 May 2025 05:25 PM
විවාහ සහ දේපල නඩු නම් කමක් නෑ නමුත් වෙන කිසිම නඩුවක් අදාළ කරනොගත යුතුයි. නැත්නම් වෙන්නේ මොනවත් දන්නේ නැති සුද්දෙක් හරි, කල්ලෙක් හරි මොකෙක් හරි අහලා දෙන නඩු තීන්දු මෙහේ මෙලෝ දෙයක් නොදන්නා අයට බලපාන එක. හොරාගේ අම්මාගෙන් පේන ඇහුවා වගේ තමයි. එක අතකට මේක ඕනෑම නෑ කියලත් හිතෙනවා.
kasun Wednesday, 28 May 2025 07:23 AM
මේ කරන්න හදන්නේ ltte ඩයස්පෝරාවේ උවමනා
Eranga Wednesday, 28 May 2025 02:52 PM
කසුන් ඔයා හරි...