(යොහාන් භාසුර)
රැකියා සඳහා විදේශගත වීමට අපේක්ෂාකරන පුද්ගලයන්ගේ ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ශ්‍රී ලාංකිකයන්ට මේ වන විට විදේශ රැකියා වෙළෙඳපොල තුළ ඉහළ ඉල්ලුමක් ඇති වී ඇති බව කී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විදේශ රැකියා සඳහා යොමුවීමට බාධා ඇත්නම් ඒවා හැකි ඉක්මණින් ඉවත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.
විදේශගත වන ශ්‍රමිකයන්ට මෙරට ගුවන්යානා පහසුකම් ප්‍රමාණවත් නොවේ නම් විදේශ ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කර පහසුකම් ලබාදෙන ලෙස ද අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
අරලිගහ මන්දිරයේදී පැවැති විදේශ විනියම ප්‍රවාහ කාර්ය සාධක බලකායේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එසේ උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩිනම් විසඳුම් ලබාගන්න. වෙන ප්‍රශ්න නැද්ද?
විසඳුම් දීපු හැටි අපි දන්නවා. මුහුණ දකින එකත් හරිම අප්‍රසන්නයි.
විදෙස් ගතවන්නන්ගේ සාක්කුවට වැඩේ දෙන්න හදන්නේ
මේ හදිසියේ කිසිම රටක ලාංකිකයින්ට විශේෂ රැකියා අවස්ථා හැදිලා නැහැ
විදෙස් ගතවෙලා ඉන්න ඔබ උපයන රට සල්ලි ආණ්ඩුවේ කීම අහල එකපාරට ලංකාවට යවන්න එපා. ඉන්න රටේ බැංකුවක තැන්පත් කරලා තබාගන්න.
විදෙස් ගතවෙලා ඉන්න ඔබ උපයන රට සල්ලි ආණ්ඩුවේ කීම අහලා එකපාරට ලංකාවට යවන්න එපා....
ප්‍රධානම ගැටළුව මේ එන්නත ගහගන්න තියෙන දුෂ්කරකම... සයිනොෆාම්, ස්පුට්නික් අනුමත නෑ... ඒ රටවල් දෙකට හරි ඉරිසියයිනේ...
පාස්පෝර්ට් එක දික් කරගන්න පාස්පෝර්ට් කන්තෝරුවෙන් දිනයක් ගන්න අමාරුයි. අන්න එක හදල දෙන්න
කව්ද ඔයාගේ පිටරට යන්නේ.
නොදන්නා අයට දැනගන්නත් එක්ක, ඔය දැන් පවතින ආණ්ඩුව ලාංකිකයන් රැකියාවන් සඳහා පටවන රටවල් සමග ගිවිසුම් ගහගෙනයි ඉන්නේ. එනම් ලංකාවෙන් රැකියා ලබන හැම පුද්ගලයෙක්ගෙන්ම වැටුපෙන් 20% පමණ කපනව