(යොහාන් භාසුර)
ජාතික ලැයිස්තුවෙන් පත්ව සිටින මන්ත්‍රීවරු අඩියක් පස්සට තබා දේශීය සහ විදේශීය ශ්‍රී ලාංකික විද්වතුන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව ලබාදිය යුතු බවත් එම විද්වතුන්ගෙන් සමන්විත ප්‍රායෝගිකව කටයුතු කළ හැකි මුදල් මණ්ඩලයක් පත්කළ යුතු බවත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ වැඩබලන සභාපති, තැපැල්පති රංජිත් ආරියරත්න මහතා අද (5) පැවසීය.
සිවිල් සේවයේ අත්දැකීම් ඇති සහ ප්‍රායෝගීකව කටයුතු කළ හැකි අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයෙක් හැකි ඉක්මණින් පත්කර පහළ ආර්ථික මට්ටමේ සිටින ජනතාවට පහසුකම් සැලසීම සඳහා කටයුතු කළ යුතු බවත් එම අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයාට දිස්ත්‍රික් මට්ටමින් සම්බන්ධිකරණය වී කටයුතු කළ හැකි ආකාරයක් ඇති බවත් ආරියරත්න මහතා කීය.
රජයේ උසස් තනතුරුවලට පත්කළ ආරක්‍ෂක අංශවල සාමාජිකයන් සහ විශ්‍රාමිකයන් ඇතුළු පුද්ගලයන් අසාර්ථක බව මේ වන විට තවහුවරු වී ඇති බව කී රංජිත් ආරියරත්න මහතා සිවිල් සේවයේ සාර්ථකව සේවය කළ සහ කරන රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය පාලනයට කවුරුන් පැමිණිය ද සහයෝගය දීමට සූදානම් බව ද සඳහන් කළේය.
සිවිල් සේවයෙන් බැහැරව තනතුරු ලබාදුන් බොහෝ පුද්ගයන්ට අදාල විෂය පිළිබඳව දැනුවත් නොතිබීම මෙම අසාර්ථකත්වයට හේතු වී තිබෙන බවත් යුද්ධය පැවැති සමයේ මෙන්ම සුනාමිය වැනි ස්භාවික ව්‍යවසනවලදී රාජ්‍ය සේවකයන් ජීවිත පරදුවට තබා සේවය කළ බවත් ඒ මහතා කීය.
වර්තමාන රජය රජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා ඉහළ දමන විට පරිපාලන සේවා සංගමය විරුද්ධ වුවද රජය එය ක්‍රියාත්මක කළ බව පැවසූ ආරියරත්න මහතා සඳහන් කළේය දේශපාලකයන්ට මෙන්ම රාජ්‍ය නිලධාරීන්ට ද රට ගොඩගැනීමට කටයුතු කිරීමේ වගකීම ඇති බවත්ය.
නිදහසින් පසුව පළමු වරට ශ්‍රී ලංකාවේ මහජනයා කැළඹී පළමු නැගී සිටීම ඔස්සේ මේ වන විට ඉතාමත් නරක තත්වයක් රට පත්ව ඇති බව කී ආරියරත්න මහතා නායකත්වය නොමැතිව අඛණ්ඩව රට තුළ ක්‍රියාත්මක වන ජනතා නැගී සිටීම දැඩි අයහපත් සහ භයානක බව ද සඳහන් කළේය.
තුනෙන් දෙකට වඩා වැඩි බලයක් සහිතව බිහිවූ වර්තමාන ආණ්ඩුව කඩා වැටීමට ස්වාභාවික අපදාව මෙන්ම ඉතිහාසය පුරාම ක්‍රියාත්මක කළ ආර්ථික සහ සමාජීය ප්‍රතිපත්තිවල දුර්වලතා හේතු වූ බවත් ඉතිහාසයේ රාජ්‍ය සේවකයන්ට වැඩ කිරීමට පූර්ණ නිදහස තිබූ නිසා කැපවීමෙන් සහ නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව තිබුණත් 1972 න් පසුව ඒ වැඩි කොටස දේශපාලඥායන්ට ලැබීමෙන් වර්තමාන තත්වය නිර්මාණය වූ බවත් ආරියරත්න මහතා වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය කොළඹදී අද (5) පෙරවරුවේ සංවිධානය කළ විශේෂ මාධ්‍ය හමුවේදී එහි නියෝජ්‍ය සභාපති මෙන්ම වැඩබලන සභාපති රංජිත් ආරියරත්න මහති එසේ පැවසීය.
මෙම මාධ්‍ය හමුවට එම සංගමයේ උප සභාපතිවරුන් වන චන්ද්‍රරත්න පල්ලේගම, ධම්මික මුතුගල, ලේකම් ප්‍රදීප් ලක්ශාන්ත සහ විධායක කමිටු සාමාජික ඒ. පී. නිශාන්ත යන මහත්වරු ද සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු ආවත් වැඩක් නැහැ මහා හොරු හැත්ත ඉන්න කොට රටට කෙලවෙන එක ෂුවර්
රට මේ තත්වයට වැටෙන්න මේ පරිපාලන නිළධාරිත් වැඩි වශයෙන් වගකියන්න ඕන. දේශපාලුවන්ට හොරකම් උගන්වන්නෙ ඔවුන්. රජයේ කාර්යාලයකට ගිහින් එක වැඩක් කරගන්න පුලුවන්ද පගාවක් නොදී. විනාඩියෙන් කරන්න පුලුවන් වැඩේට සති මාස අවුරුදු ගනන් ගන්නවා. අර සර් ගාවට යන්න අර මිස් ට කියන්න කිය කිය මිනිස්සු රස්තියාදු කරනව. මුන් ඔක්කොම මිස් ලා සර් ලා ඒ උනාට ද්ශපාලුවෙක් ආව ගමන් බලු කුක්කො. දැන් එනව බන කියන්න. දේශපාලුවොත් එක්ක තොපිතා හැදි ගැවියව්.
අපොයි ඔව් සිවිල් සේවයට දුන්නොත් කරයි මෙන්න කියල.. තොපිත් එකතු වෙලා තමයි රට කෑවෙ. පරිපාලන සේවෙත් එලවලම දාන්න ඕන. හිතන් ඉන්නෙ හරි ලොකුවට.