
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් 4536කගේ පුරප්පාඩු පවතින බව එම මණ්ඩලය සඳහන් කරයි.
එම මණ්ඩලයේ කටයුතු වලට මෙම සේවක පුරප්පාඩු විශාල වශයෙන් බාධාවක් බව එහි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
කළමනාකරන සේවා දෙපාර්තමේන්තුව විදුලි බල මණ්ඩලයට අනුමත කර ඇති සේවක ප්‍රමාණය 26783කි.
එහි දැනට සිටින්නේ සේවකයන් 22247 දෙනෙකු පමණක් බව එම මණ්ඩලය තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබාදී ඇති පිළිතුරක සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පුරප්පාඩු බොරු කතා. වැඩි වෙන්න පුටු මදි තරමට කාර්යාල පිරිලා. ගුරු පුරප්පාඩු වගේම කතාවක් තමා මේක. දූෂිත නිලධාරීන් කියන දේවල් ආණ්ඩුව තාර බර ඇරලා හොඳින් කිරා මැන බැලීම වැදගත්.
ඔය ඇබෑර්තු ටික පුරවනවා කියන්නේ අපේ ලයිට් බිල වැඩි වෙනවා කියන එකනේ...
ඉදිකිරීම් නව සේවා සැපයීම් මාර්ග එලි පෙහෙලි කිරීම් සියල්ල පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන් කරද්දී මෙතරම්ම සේවක සංඛ්‍යාවක් මොනව කරන්නද?