IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විදුලිබිලට එරෙහිව පකිස්තාන වැසියෝ පාරට

(විමුක්ති එස් රුද්‍රිගු)

දැරිය නොහැකි විදුලි බිල් ලැබීම හේතුවෙන් පාකිස්තාන ජනතාව පාරට බැස විදුලි බිල් ගිනි තබමින් විරෝධය ප්‍රකාශ කර තිබේ.

ජනතාව විදුලි බිල හේතුවෙන් පීඩාවට පත් වී සිටින අවස්ථාවේ ඔවුන්ට සහන ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලැබෙන තෙක් පාකිස්තාන බාරකාර රජය බලා සිටින බවට එරට ජනතාව චෝදනා එල්ල කර ඇත.

බාරකාර රජයේ අග්‍රාමාත්‍ය අන්වර් උල් හක් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(29) පැවති කැබිනට් රැස්වීමේදී පවා විදුලි බිල පිළිබඳ ගැටලුවට විසඳුමක් ලබා දීමට බාරකාර රජය අසමත් වී ඇත.

විදුලි බිල කොටස් වශයෙන් ගෙවීමට අවස්ථාව ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ සඳහා අනුමැතිය ලබා දෙන තෙක්  බාරකාර රජය බලා සිටින බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දී තිබේ.

පාකිස්තාන බාරකාර රජය විදුලි පාරිභෝගිකයන්ගේ ගැටලුව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ඉදිරියේදී ලබා දිය හැකි සහන පිළිබඳව ඉතාමත් ඉක්මණින් නිවේදනයක් නිකුත් කරන බවත් අමාත්‍ය මුර්ටසා සොලාංගි මෙම ගැටලුව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින්  ප්‍රකාශ කර ඇත.

 



අදහස් (0)

විදුලිබිලට එරෙහිව පකිස්තාන වැසියෝ පාරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 356 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site