(යොහාන් භාසුර)

විදුලිබල මණ්ඩලය සහ වරාය අධිකාරිය ආදී ආයතනවලට ආණ්ඩුව මිලිටරිකරණය හඳුන්වාදීමට උත්සාහ කරන බවත් ඒ හේතුවෙන් විදුලිබල මණ්ඩලය ඉදිරියේදී කිසිදු බාහිර පුද්ගලයකුට පුහුණුව නොදීමට ඒකමතිකව තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පැවසීය.

ඇතැම් බාහිර පුද්ගලයන් ආයතනවලට යොමු කර සිය රාජකාරි පිළිබඳ පුහුණුවීමක් ලබා දීමට රජය උත්සාහ කළ බව කි  වීරරත්න මහතා මින් ඉදිරියට එවැනි කිසිදු පුද්ගලයකුට පුහුණුව ලබා නොදීමට තීරණය කළ බවද වැඩිදුරටත් සඳහන් කළේය.