IMG-LOGO

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට විදේශ සහය සොයයි

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් අවශ්‍ය සහය ලබා ගැනීම වෙනුවෙන් සංවර්ධන නියෝජිත ආයතනවල සහය ලබාගැනීම වෙනුවෙන් විදේශ ආයතනවල සහය ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ විදේශ ආයතන නියෝජිතයන් අතර හමුවක් පසුගියදා කොළඹදී පැවැත්විණි.

මෙම හමුවට අසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය, ඇමෙරිකානු එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ආයතනය, ජාත්‍යන්තර මුල්‍ය ආයතනය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙල, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව යන ආයතන රැසක් නියෝජනය කරන මෙරට ප්‍රධානීන් සහ ආයතන නියෝජිතයෝ සහ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරිමට පත් කළ කමිටුවේ නියෝජිතයෝ සහභාගි වූහ.  

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විදේශීය සහ දේශීය බලශක්ති, මුල්‍ය සහ නීති ක්ෂේත්‍රයන්වල විශේෂඥයන් ගැනීම, ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම වෙන් කිරීමට අවශ්‍ය සහය ගැනීම, මූල්‍ය සහ බලශක්ති විගණනයන් කිරීම, ප්‍රතිව්‍යුහගත කිරීමේදී මානව සම්පත් කළමනාකරණය කිරීම, රාජ්‍ය  සහ පෞද්ගලික ව්‍යාපාර ක්‍රමයන් පදනම් කරගැනීම සහ අනුගත කිරීම, නීති සම්පාදනය කිරීම සහ කෙටුම්පත් කිරීම, ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය පර්යේෂණ කටයුතු කිරීම, පුනර්ජනනීය බලශක්තිය පදනම් කර ගනිමින් ජනන සැලසුම් ක්‍රියාත්මක කිරීම, එම ක්‍රියාවලිය පිළිබඳව අවශ්‍ය සන්නිවේදන කිරීම සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල අවසන් වන තෙක් සැලසුම කාර්යාලයක් පවත්වාගෙන යාමට අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය සහය ලබාගැනීම ආදි කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර එම සහය එම ආයතන සහ කණ්ඩායමක් ලෙස බෙදාගනිමින් සැපයීමට එකඟතාව පළවිය.



අදහස් (7)

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට විදේශ සහය සොයයි

ranjith Friday, 24 February 2023 03:30 PM

විදුලි බිල උපරිම වැඩි කරල CEB එක කණු කොල්ලෙට විකුනන්න තමා ඔට්ටුවෙන්නෙ

:       9       5

senaSaturday, 25 February 2023 10:38 AM

ඕකට තමයි විදුලි බිල වැඩි කරේ. විදුලි බල මණ්ඩලයට ලාබ ලබන ආයතනයක් කුනු කොල්ලෙට විකුණ ගත්තොත් පරම්පරා හතක් ගොඩ.

:       1       2

Rasika Friday, 24 February 2023 05:35 PM

විදුලිබිල වැඩි කළේ ලාබලබන බව පෙන්නන්න. විකිණුවාට පස්සේ අතිරික්ත සේවකයින් අයින් කරලා බොරු OT කපා හැරලා නියම ලාභයක් ලබාගනියි. සමහරවිට විදුලි බිල අඩු වෙන්නත් ඉඩ තිබේ. නියමයි කංචන! සුදු අලි ටික විකුණා දමන්න...

:       5       26

චන්දිම Friday, 24 February 2023 05:52 PM

අපි හිනාවුණාට මෙහෙමත් හිතන මිනිස්සු මේ රටේ ඉන්නවා....

:       28       4

LalFriday, 24 February 2023 11:14 PM

විදුලිබල මණ්ඩලය පාඩු ලබන්නේ සියලුම වැටුප් සහ ඕටී වලින් නොවන බව තේරුම් ගන්න. මණ්ඩලයේ දූෂණයක් තියෙන්න පුළුවන්. මේ රටේ සිස්ටම් එකට දූෂණ නැත්තෙ මොන ආයතනයේද. ඒවා අඩු කරගන්න ඕන තමයි ඒක වෙනම කතාවක්. පාඩු ලබන්නේ දැන් මේ යන විදියට විදුලිබල ජනනය සඳහා අධික වියදමක් යන නිසා. මේක පුද්ගලික වුනොත් විදුලි බල ජනනය සිදුවන්නේ මේ විදිහටම නම් එම මිලදී ගන්නා සමාගම් ඔවුන්ගේ ලාභය සඳහා අනිවාර්යයෙන්ම මිල වැඩි කිරීමට සිදුවනවා. ඒ වගේම අවම පරිභෝජනයක් තියෙන පළාත් සඳහා විදුලි බලය දීම සඳහා රජයෙන් යම් කිසි ගානක් ගෙවන්න වෙයි. නැත්නම් පාඩුවට ඒ පළාත් වලට විදුලිය දෙන එකක් නෑ. කොහොම වුණත් ලාභදායී විදිහට විදුලිය ජනනය කිරීමට පුලුවන්නම් විදුලි බිල අඩු කරන්න පුළුවන්. සූර්ය බලයෙන් හා සුළං බලයෙන් මහා පරිමාණයෙන් විදුලිය නිෂ්පාදනය කර එය ක්‍රමවත්ව පාලනය කිරීම ප්‍රායෝගිකව ඉතා අපහසු කටයුත්තක්. එයින් යම්කිසි දායකත්වයක් විදුලිබල පද්ධතියට ලබා ගත හැකි වුවත් එය ප්‍රධාන බලශක්ති ප්‍රභවය ලෙස භාවිතයට ගැනීමට මේ අනුව ඉතා අපහසුයි.

:       0       0

sam Saturday, 25 February 2023 07:23 AM

විදුලි බිල වැඩි කළේ ඔන්න ඔය මාර්ගියෙන් ලොකු කොමිස් කුට්ටියක් කඩා ගන්න තමයි. මෙයා අප්ප කළ අපරාදවලට දැන් නොවිඳිනා දුක් විඳිනවා. මේකා ඒවා දැක දැක මහජනතාවට කරන අපරාදෙට හොඳක් සිද්ධ වෙන්නේ නෑ.

:       0       1

de silva Saturday, 25 February 2023 02:57 PM

විදුලිබිල වැඩිකරන්න ඉස්සරවෙලා ඕක ප්‍රතිව්‍යුහගත කරන්න බැරි වුණේ මොකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site