
( චින්තක ක්‍රිෂාන්ත බාලසූරිය )
ගලෙන්බිඳුණුවැව , උල්පත්ගම වැලෑනේගම ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගලෙන්බිදුණුවැව පොලිසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ ගලෙන්බිඳුණුවැව ජාතික පාසලේ ඉගෙනුම උල්පත්ගම වැලෑනේගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15 ක පාසල් සිසුවෙකි.
මෙම සිසුවා සිය නිවස පසුපස වතුර කරාමයකින් දිය නාමින් සිටින අතර තුර ජලය අවසන් වු පසු නිවසේ සවිකර තිබූ විදුලි මෝටරය ක්‍රියාත්මක කර තිබේ.
ඔහුගේ ඇඳුම් ඒ අසල තිබූ විදුලි රැහැනකට දමා තිබෙන අතර ,දිය නෑමෙන් ඇඳුම් ලබාගන්නා අවස්ථාවේදී විදුලි රැහැන කැඩී , ඇඟේ එතීමෙන් , මෙලෙස මෙම සිසුවාට විදුලිය වැදී ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමව්පියන් දරුවන්ට අවදානම් මෙවැනි දේවල් ගැන සැලකිලිමත් විය යුතුය. අපරාදේ දරුවකුගේ ජීවිතය...!
විදුලි බල මණ්ඩලය, නිවැසියන් විසින් කරන මෙවැනි අනුමැතියකින් තොර අනාරක්ෂිත විදුලි රැහැන් ඇදීම ගැන පරීක්ෂණයක් කරන එක හොඳයි නේද?
විදුලි රැහැනේ ඇඳුම් එල්ලන්නේ පිස්සුද ?
මෙම මරණයට ඔහුගේ දෙමව්පියන් සම්පුර්ණයෙන්ම වග කිව යුතුයි... නොසැළකිලිමත්කම සහ ලෝභකම නිසා නිසිපිළිවෙළට ආරක්ෂිතව විදුලි රැහැන් නොයෙදීම හේතුවෙන් දරුවකුට ජිවිත්වීමට තිබූ අයිතිය අහිමි කිරිම සම්බන්ධව පොලිසිය විසින් නඩු පැවැරිය යුතුයි