(ලසන්ත නිරෝෂණ )
පැල්මඩුල්ල දෙනවක ගගේ තිබී සොයාගත් පුද්ගලයින් දෙදෙනාගේ මරණවලට හේතුව විදුලි සැර වැදිම බව අනාවරණය විමෙන් පසු විදුලිසැර යෙදු බවට සැකකරන පුද්ගලයකු අද (10) අත්අඩංගුවට ගත් බව පැල්මඩුල්ල පොලිසිය පවසයි.
වල් ඌරන්ට ඇටවු විදුලි රැහැනකට පැටලී මෙම පුද්ගලයින් දෙදෙනා මරුමුවට පත්වීමෙන් පසු විදුලි සැර යෙදු සැකකරු මියගිය දෙදෙනා අසළින් ගලා යන දෙනවක ගඟට ඇද දමා ඇතැයි පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වී තිබේ.
පැල්මඩුල්ල දෙනවක ගගේ පාවෙමින් තිබියදී හමුවු පුද්ගලයින් දෙදෙනා නෑදෑකමෙන් මාමා සහ පුතු බවට කහවත්ත මුලික රෝහලේ පැවති අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ දී හෙළි වී ඇත.
පැල්මඩුල්ල ඉහළ උඩුතුල ප්‍රදේශයේ පදිංචි බි.ඒ.ජගත් (38) සහ බි.ඒ සුපුන් යන දෙදෙනාගේ මෙලෙස මියගොස් තිබේ.
කහවත්ත මුලික රෝහලේ අධිකරණ වෙද්‍ය නිලධාරී සිසිර දිසානායක මහතා පොලිසියට දැනුම් දුන්නේ විදුලි සැර වැදිමට හේතුව සහ විදුලි සැර ඇටවු අය අත්අඩංගුවට ගන්නා ලෙසයි.
මියගිය පුද්ගලයින් දෙදෙනා සමග පසුගිය 06 වනදා පැමිණි බව කියන අයෙකු ද සොයා පොලිසිය පරික්ෂණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වන සතුන්ට විදුලි දැහැන් යොදන මිනිසුන්ව අල්ලා ඔවුන්ට මිනී මැරුම් චෝදනාව යටතේ එල්ලුම් ගහ හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළ යුතුයි. මේ ආකාරයට කුමන හේතුවක් නිසා හෝ කෙනෙකුට වනාන්තරයට යෑමට නොහැකි තත්වයක් උදා වී ඇත.