IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


විදුලි-වරාය සේවකයෝ පාරට බසිති

(යොහාන් භාසුර)

විදුලි ගාස්තු ඉහළ දැමීම සහ රාජ්‍ය සම්පත් විකිණීම ඇතුළු රජයේ ක්‍රියාකළාපයට විරෝධය දක්වමින් ලංකා විදුලිබල මණ්ඩල එකාබද්ධ වෘත්තිය සමිති සංවිධානය කොළඹ පිහිටි ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී අද (6) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වීය.

එහිදී විදුලිබල සේවකයෝ රජයට දැඩි විරෝධය යොමු කරමින් විවිධ පාඨ සටහන් කළ පුවරුව රැගෙන විරෝධය දැක්වූහ

එමෙන්ම වරාය ඉඩම් කුණුකොල්ලයට විකිණීම ඇතුළු රජයේ ක්‍රියාකළාපයට විරෝධය දක්වමින් වරාය එකාබද්ධ වෘත්තිය සමිති සංධානය කොළඹ කොටුව ඔරලෝසු කණුව ඉදිරිපිට අද (6) පස්වරුවේ විරෝධතාවක් පැවත්වීය.

වරාය ඉඩම් හා සේවා විකිණීම වහාම නැවැත්වීම, වරාය සේවක විශ්‍රාම ගැන්වීමේ වයස කප්පාදු කිරිම වාහාම නැවැත්වීම ඇතුළු ඉල්ලීම් කීපයක් මූලික කරරැනෙ වරාය ඉදිරිපිටදි සටන් පාඨ සටහන් කළ පුවරු රැගෙන සේවකයෝ විරෝධතාවයේ නිතර වූහ. 

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)  

 



අදහස් (6)

විදුලි-වරාය සේවකයෝ පාරට බසිති

Bamunuarachchi Wednesday, 07 December 2022 06:58 AM

ආ මේක ජෙප්පන්ගේ විරෝද තාවයක්. මොකෝ ජෙප්පෝ බලයට ආවයි කියලා නිෂ්පාදන වියදම අඩුවෙනවාද? ජෙප්පන්ට විදුලිබිල අඩු කරන්න පුලුවන්ද? විදුලි බිල ඉහල දමන්නත් එපානම් විදුලි බල මණ්ඩලය පාඩු ලබන ආයතනයක් ලෙස විකුනන්නත් එපානම් දවසට පැය 8 කළුවරේ ඉඳපල්ලා වෙන මොනවා කරන්නද? පෞද්ගලික අංශයට ගියොත් සේවකයින්ට ලැබෙන OT අඩුවෙනවා වැටුප් අඩු වෙනවා කොටින්ම නිෂ්පාදන වියදම අඩුවෙනවා. කැමතිනම් ඉඳපල්ලා බැරිනම් පලයල්ලා කියන තත්වයට පත්වෙනවා. එකයි මොවුන්ගේ විරෝධතාවය. 1977 ඉඳන් කුමබලා මලු කාවානම් වින්දවපන් බළලෝ කියමින් ඉන්න වෙනවා. පාරේ ටිකක් කෑගහලා පලයල්ලා.

:       2       3

JeivanthaWednesday, 07 December 2022 04:00 PM

බමුණාගේ අදහස් කෙසේවත් පිළිගන්නේ නැහැ. නමුත් මේ අදහස ගැන සිතන්න වෙනවා... මොකද මේ පාරට බැහැලා නොපෙනෙයි කියලා පාත්වෙලා ඉන්න ලොකුම ජෙප්පෙක්... ඉතින් මේක ජෙප්පො පාරට බැහීමක් මිස වෙනත් එකක් නොවෙයි.. රටේ ජනතාව පොඩ්ඩක් හිතන්න මේ උද්ඝෝෂණයක් කියලා කරන්න ජෙප්පො බලයට එන්න උපක්‍රමයක්. ඉතින් ඒක විදුලිය වේවා, වරාය වේවා ජෙප්පො ආවත් වෙන්නේ දැනට තියෙන ආකාරයට වැඩ සිද්දවීම පමණයි. ජෙප්පො ආවා කියලා අමුතුවෙන් විදුලිය ලැබෙන්නේ නැහැනේ...

:       2       2

BamunuarachchiWednesday, 07 December 2022 05:06 PM

එකම දේ අපි දෙදෙනා දෙවිදියකට දැක්කා. සතුටට තිබෙන්නේ දෙදෙනාම මෙය ජෙප්පන්ගේ විරෝධයක් බව දැකීමයි. බමුණාගේ අදහස් කෙසේවත් පිළිගන්නේ නැහැයි කීවාට ඔබේ පැත්තෙන් ප්‍රශ්නයට පිළිගත හැකි විසඳුමක් කියැවුනේ නැහැ. ප්‍රශ්නයට පිළිගත හැකි විසඳුමක් විහිලුවට වගේ කියන්න. කියන්න බයයිද? නැතිනම් විසඳුමක් ඔලුවට එන්නේ නැද්ද?

:       1       1

Harsh Wednesday, 07 December 2022 08:59 AM

පාරට බැහැලා වැඩක් නැහැ. මිනිස්සුන්ට වැඩියෙන් වැඩ කරන්න උනන්දු කරන්න. අපිට දූෂිතයන් පලවා හැර සටන ජයගත හැකියි. ජයවේවා.

:       1       3

uk ran Wednesday, 07 December 2022 12:11 PM

ඇයි කෙලින්ම දාන්න බයද ජේ.වී.පී සේවකයෝ කියලා. මුන් තමයි ආයතන වල වැඩකරන්න දෙන්නේ නැත්තේ. මුන් ගෙදර යැව්වොත් ආයතනය දියුණු කරන්න පුළුවන්.

:       2       4

Rata Perata Wednesday, 07 December 2022 12:52 PM

ඉතා හොඳයි රටේ සම්පත් විකුණ විකුණා කරන්න දේශපාලුවෝ ඕනි නෑ.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 829 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 373 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site