
(සුජිත් හේවාජුලිගේ)
ආයෝජන අවස්ථා ලබා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා තුර්කියේ පෙන්තෝල් සමූහයේ සහ ඇමෙරොන් එනර්ජීස්හි (Penthol Group of Türkiye and Ameron Energies) ව්‍යාපාරික දූත පිරිසක් සමග අමාත්‍යංශයේ දී ඊයේ (05) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.
තුර්කි ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථාවන් ගැන විමසිල්ලෙන් පසු වන බව විජිත හේරත් මහතා පැවසීය
මෙම හමුවේ දී තුර්කි රාජ්‍යයේ පෙන්තෝල් සමාගමේ නියෝජිතවරැ කියා සිටියේ නව රජය බලයට පත්වීමෙන් පසු ඇතිවී තිබෙන ආයෝජන හිතකාමී පරිසරය සහ ඒවා සාර්ථක කරගැනීමේ කටයුතු වලදි කිසිම බාධාවලින් තොරව කරගැනීමට ඇති හැකියාව පිලිබඳව දැනගන්නට ලද බවයි. තුර්කියේ ආයෝජකයන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සූදානමින් සිටින බවත් ඒ සඳහා පවතින ආයෝජන අවස්ථාවන් පිලිබඳව දැනගැනීම මෙම සංචාරයේ අරමුණ වූ බවද ඔවුහු සඳහන් කළහ.
ශ්‍රී ලංකාවේ වෙළඳ හා ආයෝජන අවස්ථා සඳහා තුර්කි සමාගම් අතර වර්ධනය වී ඇති උනන්දුව අමාත්‍යවරයා පැසසුමට ලක් කළේය
බලශක්ති, සංචාරක, ඖෂධ, ඉදිකිරීම් සහ කැණීම් ක්ෂේත්රයන්හි විභව ආයෝජන අවස්ථා පිළිබඳව විජිත හේරත් මහතා පෙන්වා දුන්නේ ය. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රයේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව අමාත්‍ය විජිත හේරත් පෙන්වා දුන් අතර ශ්‍රී ලංකාව ආයෝජන හිතකර ආර්ථිකයක් බවට පත්ව ඇතැයි ද වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ මූලෝපායික පිහිටීම සහ ආයෝජකයන් ආරක්ෂා කිරීමට නව රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය වෙනස්කම් ද පැහැදිලි කළේ ය. පෝට්සිටි ව්‍යාපෘති පිලිබඳවත් ආයෝජකයනට එහි ලැබෙන ප්රතිලාභ පිලිබඳවත් විස්තර කළේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd