(යොහාන් භාසුර)
විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවත් ඊට එරෙහිව කවුරුන්ගේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නේ නම් නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (27) පැවසීය.
විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව එකම පියවරකින් හෝ පසු පසට ගෙන නොමැති බවත් එය රජය ක්‍රියාත්මක කරන යෝජනාවක් මිස අමාත්‍යවරයා ලෙස තමන් ක්‍රියාත්මක කරන්නක් නොවන බවත් කීය.
විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව ඕනෑම කෙනෙකුට නීතිමය පියවර ගැනීමේ අයිතියක් ඇති බව කී අමාත්‍ය කංචන විජේසේකර මහතා අමාත්‍යවරයා ලෙස තමන් මෙහිදී සියලු ආයතනය සම්බන්ධීකරණය කරන බැවින් රජය විරෝධතාවලට එරෙහිව කටයුතු කරනු ඇති බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාව එලවීමේ විශාල කුමන්ත්‍රණයක් ඇතිබව නම් දැන් දැන් පැහැදිලියි. එක එක කාක්කන්ගේ වොයිස්කට් වලට බිය නොවී, ඔබගේ රාජකාරිය අවංකව ඉටු කරන්න.
මුලින්ම දේශපාලකයින්ගේ සහ නිලධාරීන්ගේ වියදම් කප්පාදු කරන්න.. එහෙම කරනවා නම් අපිත් පටි තදකරගන්න සූදානම්... නමුත් ඔබලා වී8, රේන්ජ් රෝවර්වල යමින් අපිට පටි තදකරගන්න කියන එක අසාධාරණයි. අපිව මෝඩයාට අන්දවන්න ආවොත් පාර හරස්කර ඔබලාව බිමට බස්සලා රේන්ජ් රෝවර් ගිනිතබන්න අප පසුපට නොවෙමු...
ඇතුලේ ඉන්න ඉංජිනේරුවන් 200 න් 100ක් අයින් කර කාර්යක්ෂතාවය වැඩිකරන්න වෘත්තිය සමිති තහනම් කරන්න. දුෂණය අවම කරනවා නම් අපි බිල් ගෙවන්නම්...!
මමත් ඔබ වෙනුවෙන් රැස්වීම් තැබූ සහ ඡන්දය ලබා දුන් කෙනෙක්.ඒ ගැන දැන් මම හදවතින්ම කණගාටු වෙනවා ලැජ්ජා වෙනවා
විසංදි කරපංකෝ හැම ගෙදරකටම විදුලිය. ඉතුරු ටික අපි බලාගන්නම්.
කන්න බොන්න නැතත් රටම පැය 24ම කළුවරේ හිටියත් අහස උසට ලයිට් බිල වැඩි කලත් වගේ වගක් නැතිව මේ හොරුන්ට රෙදි නැතුව කඩේ යන තව බත් කන හරක් සිටින රටක්.
රනිල්ගේ හයිය පෙන්නන්න එන්නේ... මේ අය ඉන්නකන් රටට කිසිම සෙතක් නෑ...
ගම් තුලාන වල කියමනක් තියනවා ඔයාල අහලත් ඇති "තාත්ත කළ දේ පුතා නොකොළොත් ඌ නොන්ඩිගෙ පුතා" කියලා මේකේ සහ සමිබන්ධය හිතල මතල ඕගොල්ලන් අදහසක් ගන්න.