(ඉන්දිකා රාමනායක)
තලේමන්නාරම ප්‍රදේශයේ ඉදි කරමින් පවතින සුළං විදුලි බලාගාරයට අයත් කේබල් තොගයක් කපා සොරකම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 7 දෙනකු අත්අඩංගුවට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම පිරිස අතර එම බලාගාරයේ ආරක්ෂාවට සිටින පුද්ගලික ආරක්ෂක නිලධාරියෙක් ද වන බව පොලිසිය සඳහන් කරයි.
මෙම පිරිස මෙම බලාගාරය ට අයත් කේබල් මීටර් මීටර් 340 ට අධික ප්‍රමාණයක් කපා සොරකම් කර ඇති බවද පොලිසිය කියයි.
විදුලි මණ්ඩලයේ අධීක්ෂණය යටතේ පුද්ගලික සමාගමක් විසින් මෙම සුළං විදුලි බලාගාරය ඉදි කරමින් පැවති බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (10) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd