IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


විදුලි බල පනත යළි සලකා බලයි

(අංජුල මහික වීරරත්න)

විදුලිබල පනත යළි සලකා බැලීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ විධිවිධාන 2024-06-27 දින සිට බලාත්මක වී ඇත. එකී පනතේ විධිවිධාන, යෝජිත ආයතන හා ඒවායේ කාර්ය භාරයන් සහ වගකීම් එකී පනතින්  අපේක්ෂිත අරමුණු සපුරා ගැනීමේලා අපොහොසත් වනු ඇති බවත්, එබැවින් සුරක්ෂිත සහ පිවිතුරු විදුලිබල ක්ෂේත්‍රයක් ඇති කිරීමේදී විදුලිබල කර්මාන්තයට හා පාරිභෝගිකයින් මත අමතර බරක් පැටවෙන බවත්, විවිධ පාර්ශ්ව විසින් පෙන්වා දී තිබේ. 

එබැවින්, තිරසර සහ සුරක්ෂිත විදුලිබල ක්ෂේත්‍රයක් ස්ථාපිත කිරීම සඳහා උනන්දුවක් දක්වන අදාළ සියලු පාර්ශ්වකරුවන්ගේ අදහස් සැලකිල්ලට ගනිමින්, විදුලිබල පනතේ පරමාර්ථ යළි සලකා බැලීම අත්‍යවශ්‍ය වී ඇතැයි රජය කියයි.

 ඒ අනුව, 2024 අංක 36 දරන විදුලිබල පනත අධ්‍යයනය කර යෝග්‍ය සංශෝධන සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ප්‍රධාන පාර්ශ්වකරුවන්, විදුලිබල සහ බල ශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම සඳහා බල ශක්ති අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

විදුලි බල පනත යළි සලකා බලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site