IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


විදුලි පනත යළි සලකා බලයි

(අංජුල මහික වීරරත්න)

දැනට ක්‍රියාත්මක  විදුලිබල පනත යළි සලකා බැලීම⁣ට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2024 අංක 36 දරන විදුලිබල පනත සංශෝධනය කිරීම සඳහා සුදුසු නිර්දේශ ලබා ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් විසින් විශේෂඥ කමිටුවක් පත් කර තිබේ. 

එම කමිටුව විසින් විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්ව කරුවන්ගේ අදහස් විමසීමට පියවර ගනු ලැබ ඇත.

ඒ අනුව, දැනුම් හුවමාරු සැසි පැවැත්වීමටත්, අදහස් හා යෝජනා ලිඛිතව ලබා ගැනීමටත් කටයුතු කර ඇති අතර, පාර්ශ්වකරුවන් 59 දෙනකු විසින් අදහස් හා යෝජනා ලිඛිතව ඉදිරිපත් කර තිබේ.

ඊට අමතරව, විදුලි බල ක්ෂේත්‍රයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා අරමුදල් සපයනු ලබන සංවර්ධන පාර්ශ්වකරුවන්ගෙන් මෙන්ම විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කරණය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අනෙකුත් පාර්ශ්වයන්ගෙන් ද අදහස් ලබා ගෙන ඇත. 

එකී අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් විශේෂඥ කමිටුව විසින් 2024 අංක 36 දරන විදුලිබල පනත සඳහා යෝජිතසංශෝධන ඇතුළත් අවසන් වාර්තාව ඉදිරිපත් කර තිබේ. 

එකී වාර්තාවේ ඇතුළත් නිර්දේශ මත පදනම්ව, විදුලිබල පනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා බල ශක්ති අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

විදුලි පනත යළි සලකා බලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 763 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2406 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site