(යොහාන් භාසුර)

විදුලි ගාස්තුව ඉහළ දැමීමට රජයට යෝජනා කිරීමට කටයුතු කරමින් සිටින බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

විදුලි ගාස්තුව 2014 වසරෙන් පසුව ඉහළ දමා නොමැති අතර 2014 වසරේ විදුලි ගාස්තුව සියයට 25 කින් අඩු කළ බව කී එම නිලධාරියා මහජන උපයෝගිතා කොමිසම හරහා එම යෝජනාව ඉදිරිපත් කරන බව ද සඳහන් කළේය.

එවිට මහජන උපයෝගිතා කොමිසම ඒ සම්බන්ධයෙන් මහජන මත විමසුමක් කර සෑම පාර්ශවයකම අදහස් ලබාගන්නා බවත් ඉන් පසුව විදුලි ගාස්තුව වැඩි කරනවාද සහනාධාරණයක් දෙනාවද යන රජයෙන් විමසන බවත් එම නිලධාරියා කීය.

රජය දක්වන ප්‍රතිචාරයේ ස්භාවය අනුව විදුලි ගාස්තු ඉහළ යෑම හෝ වර්තමාන තත්වයේම පැවැත්ම තීරණය වන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.