IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


විදුලි කප්පාදුව 5 වැනිදා අවසන්

(යොහාන් භාසුර)

විදුලිය කප්පාදු මේ මස 5 වැනිදායින් පසුව නොකරන බව නිලධාරීන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

රට පුහුණ පා සිටින විදුලි සහ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ අද (02) පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවේදී නිලධාරීහූ ජනාධිපතිවරයාට එසේ දැනුම් දී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නැයි විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශවල නිලධාරීන් සමග කළ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ප්‍රමාදයකින් තොරව ඉන්ධන ගෙන්වීම, සංචිත පවත්වා ගෙන යාම, විදුලි උත්පාදනය සඳහා ඉන්ධන සහ ගල් අඟුරු සැපයීම අඛණ්ඩව සිදු කිරීමට ද ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස්දී තිබේ.

දිවයින පුරා සියලුම ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම හෙට (03) සිට සාමාන්‍ය පරිදි  සිදු කරන බැවින් ජනතාව අනිසි බියකින් ඉන්ධන එක්රැස් කිරීමෙන් වලකින ලෙස එහිදී නිලධාරීහු ජනතාවගෙන් ඉල්ලීමක් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.  
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, රමේෂ් පතිරණ, රාජ්‍ය  අමාත්‍ය කාංචන විජේසේකර, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.



අදහස් (2)

විදුලි කප්පාදුව 5 වැනිදා අවසන්

wicky Wednesday, 02 March 2022 07:53 PM

දැන් නැති ඩොලර් කොහෙන්ද? එතකොට විදුලිබල මණ්ඩලය තෙල් නැහැ නම් කොහෙන්ද එකපාරටම මතු වෙන්නේ....? පැහැදිලි මදි හොඳටම මොකක්ද වෙන්නේ...? කොහොමද කෙරෙන්නේ කියන එක. ඒ නිසා 5 වෙනිදා කියන්නේ සෙනසුරාදා, දවස් කීයක් කපන්නෙ නැද්ද කියන එක කියන්න බලන්න ප්ලීස්...!

:       4       54

fairoos Wednesday, 02 March 2022 08:12 PM

මේ වැඩ බැරි ටාසන්ලා පත්කරගෙන... බයියන්ට නම් සැප...!

:       6       51

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 509 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site