
(අංජුල මහික වීරරත්න)
බලශක්තිය, විදුලි බිල, ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්තිය පිළිබඳ ඕනම විවාදයකට සූදානම් බව විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ බලාගාර ඉදිකිරීම අවහිර කරමින්, ඒවා දේශපාලන ප්‍රශ්න බවට පත් කරගෙන කළ බාධා නිසා රටේ බලශක්ති ක්ෂේත්‍රය අර්බුදයකට ගිය බවද විජේසේකර මහතා සඳහන් කළේය.
කරන හැම දේකටම විරුද්ධ නොවී සිටිමේ ප්‍රතිපත්තියට ආවොත් රටක් ලෙස ඉදිරියට යන්නට පුළුවන් බව කී අමාත්‍යවරයා රටට නායකයෙක් ලෙස තෝරා ගත යුත්තේ ඇවිත් කරන්නම් කියන කෙනෙක්ද ? කරලා පෙන්වා තියෙන කෙනෙක්දැයි ප්‍රශ්න කළේය.
කොළඹ ලොරිස් මාවතේ පිහිටි කාර්යාලයේ දී ‟පුළුවන් ශ්‍රී ලංකා" මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ සම්පත් විනාශ කළේ මෙයා විතරක් නෙවෙයි... මාතර මිනිස්සුන්ගෙන් අහලා බලන්න ඕනේ මෙයාගේ තාත්තගේ වැඩ...
අපි කියමුකො කාංචන සම්පත් විනාස කලා කියල.එතකොට 89දි රටපුර ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බෙ jvp එක.කොටි සංවිධානය හැරුනාම මේ රටට වැඩිම විනාසය කලේ ඔය අද මාලිමාව කියාගෙන ඉන්න මිනිස්සු
ඇමැතිතුමා මොකටද විවාද? සේරම කරලා ඉවරවෙලා, ජවිපෙ විරුද්ධ වුණාම නොකරන්නේ ඕවා විතරයි, තමන්ට හිතෙන හැමදේම කරනවා. තමන්ගේ නොහැකියාව වහගන්න කාටවත් වරද පටවන්න එපා.
බයිලා ගහන්නේ නැතිව විවාදයට යන්න...!
වැඩක් කරලා පෙන්නපු ඇමැතිවරයෙක්...!
විධායක, ව්‍යවස්ථාදායක බලේ කෙම තිබිලත් තිබිලත් මේ ජවිපය විරෝධයට බය වුණාද ඔයාලා?
හොරා කාපු රජයේ දේපොළ, ගත්ත කොමිස් ඔක්කොම ළඟදීම වමාරන්න වෙනවා. කොමිස් දුන්න කොම්පැනි මෙයාට කියක් දුන්නාද කියා සාක්ෂි සමග ඔප්පු කරන දවසක් එනවා. #මාලිමාවට චන්ද කෝටියක් # ජාතික ජනබලවේගයට ජයවේවා !!!
මුන් ඔක්කොම දැන් බයවෙලා , කරපු ජරා වැඩවලට හිරේ යන්න වෙන බව දැන් වැටහිලා, දැන් පිස්සෝ වගේ කෑගහනවා.
තව හරියටම මාසයයි, ඊට පස්සේ බල්ලා මාක්. වටේ ඉන්න සෙකුරිටි කුක්කෝ නැහැ. වාහන නැහැ. ගෙදරින් එලියට බහින්න බහැ ,මිනිස්සු ගහන්න මරන්න බලාගෙන ඉන්නවා. ගෙදරටවෙලා *කාපන් මස් වැද්දෝ.
3% ඔච්චර දෙයක් කරන්න පුළුවන්ද?
එකක් ..තමුන්ගෙ තාත්තා ජේවීපි කාරයෙක් . 71 දි මිනිස්සු මරපුව අහගන්න . අනෙක තමුන් ලයිට් බිල වැඩි කලා ආසියාවේ වැඩිම බිල හැටියට. විදුලි බල මණ්ඩලය කලු කඩයක් කලා. ආයෙ පාර්ලිමේන්තුවේ පැත්තට යවන්න සුදුසු එකෙක් නෙවෙයි මේක .
පල් හොරුත් එක්ක මොන විවාදද?
1971 අප්‍රේල් 5 වැනිදා සිට ජෙප්පො කරපු එකල පාසල් දරුවො හැටියට අපේ සිත්වල ඇතිවූ පීඩනය තවමත් සිතේ තැන්පත් වෙලා තියෙනවා රටේ තිබුණ තේ කම්හල් විනාශ කළ නිසා තේ ආදායම් ලැබූ අපිට ජීවත්වෙන්න ක්‍රමයක් නැතිවුණා කන්න බොන්න දෙයක් නැතුව අනන්තවත් දුක් වින්දා, එහෙම අත් දැකීම් තියෙන අපිට චන්දිම දක්වා තියෙන අදහස් අපි අත්දැකපුවා මිස කිසිම බොරුවක් නොවෙයි
ළඳරුවොත් එක්ක මොන විවාද ද?
බලාගාර ඉදිකිරීම් වලට නොවේ යකෝ විරුද්ධ.. ඒවා කොමිස් කුට්ටියට දීලා ජනතාවට දරා ගන්න බැරි විදුලි බිල් වලට