
අජන්ත කුමාර අගලකඩ
මේ වන විට ඇතිව තිබෙන බරපතළ ඉන්ධන අර්බුදය හමුවේ, ඉන්ධන භාවිතය අඩු කර ගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුතු හදිසි යෝජනාවලියක් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා විසින් රජයට ඉදිරිපත් කරනු ලැබ ඇත.
පාසල් සතියකට එක් දිනක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වන ලෙසත් ,වාහන තදබදය අඩු කර ගැනීම සඳහා කාර්යාල ඇරඹීම විවිධ වේලාවන්ට අනුව සිදුකරන ලෙසත් ඇමතිවරයා රජයට යෝජනා කර ඇත.
ඉන්ධන මිල සූත්‍රය වහාම කරන ලෙස යෝජනා කර ඇති ඇමැතිවරයා කොළඹට එන වාහන සීමා කළ යුතු බවට ද යෝජනා කර ඇත.
රාජ්‍ය ආයතනවල රැස්වීම් ,සාකච්ඡා, සම්මන්ත්‍රණවලට නිලධාරීන් කැඳවීම සීමා කරන ලෙසත් , ප්‍රාදේශීය ලේකම්වරුන් ආදීන් කොළඹට කැඳවීම සීමා කරන ලෙසත් යෝජනා කර ඇති ගම්මන්පිල මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ රැස්වීම් පවත්වන ලෙස රාජ්‍ය ආයතන වලට නියම කරන්නැයිද ඉල්ලීමක් කර ඇත.
මේ අතර, වාහන තදබදය අඩු කිරීමට වහා පියවර ගත යුතු යැයි ද, කර්මාන්තවලට අවශ්‍ය බලශක්තිය පුනර්ජනනීය බලශක්තිය ඔස්සේ ලබා ගැනීමට කර්මාන්තකරුවන් දිරිගන්වන ලෙසද ඇමතිවරයා ඉල්ලා ඇත.
වාණිජ බැංකුවලට ලැබෙන විදේශ ප්‍රේෂණවලින් තුනෙන් එකක් මහබැංකුවට ගෙන, ඖෂධ ,වෛද්‍ය උපකරණ හා ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීම සඳහා රාජ්‍ය ආයතන වලට ලබාදෙන ලෙසද ඇමතිවරයා ඉල්ලා ඇත.
ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා තෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ දැමුවත්, ඉල්ලුම අඛණ්ඩව ඉහළ ගොස් ඇතැයි පෙන්වා දී ඇති ඇමැතිවරයා විනෝද ගමන් ,නෑදෑයන් හමුවීම්, විනෝද චාරිකා ,ප්‍රියසාද ආදිය සඳහා ගමන් බිමන් වැඩිවීම ද ඉන්ධන භාවිතය වැඩි වීමට හේතු වී ඇති බවද පෙන්වා දී ඇත.
මේ අතර,කොවිඩ් වසංගතය බෝවිම වැළැක්වීම සඳහා පොදු ප්‍රවාහන සේවා වෙනුවට ,පෞද්ගලික වාහන භාවිතය වැඩිවීම ද ගෑස් හිඟය හේතුවෙන් භුමිතෙල් ලිප් භාවිතය ඉහළ යාම ද ඉන්ධන භාවිතය ඉහළ යාමට බලපා ඇතැයි ඇමැතිවරයා පෙන්වා දී ඇත.
ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල මේ වන විට ඉහළ යමින් පවතින බවත්, දෙසැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් 74ක් ලෙස පැවැති බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඩොලර් 86 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පෙන්වා දී ඇමතිවරයා ඉන්ධන ආනයනය සඳහා මසකට ඩොලර් මිලියන 400 ක් වැය කරන්නට සිදුවන බවද සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිඳු ප්‍රතිපත්තියක් නැති කයිවාරු කාරයෙක්... මෙගා නාට්‍යකරුවෙක් වගේ...
මැති ඇමැතිලා V8 පදින එක නවත්තන්න.. රථ පෙලපාලි යන එක නවත්තන්න යෝජනා කරන්න අමතක වෙලා මුන්නැහේට...
බලශක්ති ඇමති හැටියට ඉන්න ගම්මන්පිල මේ කියන අන්දමට ඇමතිගේත් මහ බැංකු අධිපතිගේත් වැඩ භාරගෙන වගේ...
අකාර්යක්ෂමතාවයේ අවසාන ඵලය!
තව ටික දවසකින් අපි වැසිකිළි යන එකටත් සීමාවල් දායිද දන්නේ නැහැ , වතුර භාවනාව අඩු කරන්න කියල .
මහජන මුදලින් පඩි කන තමුන්ලා, ඉදිරියේ ඇතිවන අර්බුධ දකින්නේ නැතිද.?
හැබැයි මැති ඇමැති සහ ජනාධිපතිවරයාගේ වාහන භාවිතය සීමා කරන්න, මම කියන්නේ වාහන පෙරහැරවල් ගැන ඇමැතිවරයාට කිසිම යෝජනාවක් නැහැ.
අනිවාර්යෙන්ම, වහාම පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ බැකප් වාහන අඩුකරන්න.
සියල්ල දත් අති පණ්ඩිතයන් රැළ කෑමොර දී බලය ලබාගෙන කරනා කටයුතු වෙනුවෙන් ස්වභාව ධර්මයේ හෝ ආශිර්වාදයක් නොලැබෙන හැටි ... පුදුමයි ඒත්, ඇත්තයි.
පොදු ප්‍රවාහන සේවය හදනකන් කොච්චර මිල වැඩිකළත් වැඩක් වෙන්නේ නැහැ. මොන ගාස්තුව ගෙවන්න කිව්වත් වැඩක් වෙන්නේ නැහැ.. ඇයි මේ මෝඩයින්ට ඒක නොතේරෙන්නේ..? මෙයාලා පාවිච්චි කරන වාහනවලින් ලීටරයකට කිලොමීටර් කීයක් යන්න පුළුවන්ද? අන්න එව්වා තමයි සීමා කරන්න ඕනෑ. ඔන්ලයින් කරන්න කිව්වාට කෝල් එකක් ගත්තාම එස්.එල්.ටී. එකෙන් සැරෙන් සැරේ කනෙක්ෂන් එක රීසෙට් කරන්වා. ඉතින් කොහොමද ඔන්ලයින් වැඩ කරන්නේ...? එස්.එල්.ටී එක කියන්නේ ඒක සාමාන්‍ය දෙයක්... කරන්න දෙයක් නැහැ කියලායි. බලපෑමක් නෑ කියලා කිව්වාට කෝල් එක කට්වෙන එකෙන් බලපෑමක් නැද්ද? ඔය එක ඇමතියෙක්, නිලධාරියෙක් තියෙන නියම ප්‍රශ්නේ බලන්නේ නැහැ. ඔහේ කියවනවා. විදුලිය කපන්න ඕනෑ නම්, කපන්න ඕනෑ... මොකද, මේ රටේ විදුලිය කපන්න වූ පළමු අවස්ථාව මේක නෙවෙයි. අපේ විභාග කරන කොටත් කරන්ට් කැපුවා. එහෙමයි කියලා අපි විභාග නොලියා හිටියේවත්, ආණ්ඩුවට බැන බැන හිටියේවත් නැහැ.
ඔබතුමා කර ඇති යෝජනා, බලශක්ති අර්බුදයක් නොමැති අවස්ථාවලට ද ගැලෙපෙන බව මම සිතමි. සමහර සම්මන්ත්‍රණ පැවැත්වීමට ගමනා ගමන වියදම් වලට අමතරව, ආහාර, ඉඳුම් හිටුම්, ශාලා පහසුකම් ලබා ගැනීම , ආරක්ෂාව සැපයීම වැනි නාස්තිකාර වියදම් රාශියක් සිදුකරනවා. පැමිණෙන අය නිදිකිරා වැටෙමින් දේශකයින්ගේ හඬට සවන් දෙනවා. ඇත්තටම ඒවාට පැමිණෙන අයට ප්‍රශ්න ඇසීමට පවා ඇති අවස්ථා සීමිතයි. මේ සියල්ල නවීන සන්නිවේදන භාවිතයෙන් ලාබදායි ලෙස හා පහසුවෙන් කළ හැක. කෝවිඩ් තර්ජනය ඒමටත් පෙර බොහෝ රටවල් කාර්යාලවල සේවකයින්ගේ සේවා ලබා ගන්නේ ඔවුන් නිවෙස්වල තබාගෙනයි. අපේ රටේ බොහෝ ගැටළුවලට විසඳුම් සොයන්න උත්සාහ කරන්නේ ගැටළු උත්සන්න වූවාට පසුයි. නමුත් එවැනි සමහර අවස්ථා වලදී පවා යම් සාර්ථකත්වයක් පෙන්නුම් කළ අවස්ථා දැකිය හැක. උදාහරණ වශයෙන් පසුගිය කෝවිඩ් තර්ජන උග්‍ර වූ සමයේ රට වසා ඇති විට කවමදාකවත් පරිගණක හෝ ජංගම දුරකතන භාවිතා නොකළ අය පවා දුරස්ථ ලෙස එම උපකරණ භාවිතයට පුරුදු වුණා. විශේෂයෙන්ම කුඩා දරුවන් පවා එයට හුරු වූයේ කලින් එම ක්‍රමයක් කවමදාකවත් භාවිතා නොකර සිටි පරිසරයකයි. මෙම ක්‍රමයේ අඩුපාඩු තියෙන බවත් පිළිගන්න ඕනේ...
බැරිනම් යන්න...
ඔන්න ඉතුරු අවුරුදු තුනේදී හොඳටම කරන යෝජනාව. මේවා ඩයනා ගමගේගේ යෝජනාවට හොඳ ආරම්භයක්...
මේවා කරන්න ඇමති කෙනෙක් මොනවටද? ආණ්ඩුවක් අවශ්‍යද?
එහෙම නම් මෙයාට දැන් තේරිලා වගේ ජනාධිපතිගේ පොහොර වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බැරි ඇයි කියලා.
දැන් පේනවා නේද යහපාලනය කාලයේ ඇමතිවරු කොතරම් දක්ෂ අයද කියලා
ඔබතුමාට, ජනතාවට කරදරයක් නොවෙන විදියට ඔය රාජකාරිය කරන්න බැරිනම් පුළුවන් කෙනෙකුට දෙන එක නේද හොඳ..? ක්‍රිකට් කණ්ඩායමක වුණත් දිගින් දිගට අසාර්ථක ක්‍රීඩකයින් තියාගන්නේ නැහැනේ.
සර් සහ නඩය ෆේල්... මේ ආන්ඩුව ඉන්නකන් රටට සෙතක් නැහැ.
මේ සියළු යෝජනා ඉතා යහපත්, එමෙන්ම ඉන්ධන අර්බුද අවස්ථාවන්ට නොව රටේ සාමාන්‍ය කාලවලටත් ඉතා හිතකරයි. ඇත්තටම මේ සියල්ල කෝවිඩ් වසංගත වාතාවරණය යටතේ අප ක්‍රියාත්මක කළ දේවල්. ඉතින් පසුගිය සමයේ රටට හිතකර ලෙස හඳුන්වා දුන් යෝජනා නැවත ඉවත් කර ගත්තේ ඇයි ද කියන එකයි ගැටළුව...
මොන මිනිහා වුණත් කරන හරි දේ අගය කරන්න දැනුමක් නැති මේ කුහකයෝ මංගලගේ මිල සූත්‍රය විවේචනය කරපු හැටි අපට හොඳට මතකයි. අන්තිමට කැරකිලා ඒවම තමයි මේ මෝඩ රැළට කරන්න වෙන්නේ... වැඩ බැරි බූරුවෙක් ගෙනැල්ලා රට කෑවා.
සෞභාග්‍යයේ දැක්ම නම් මරු... රට රකින අපේ විරුවා...!
විරුවෙක් කියලා පඹයෙක් ගෙනාවාම ඔහොම තමයි. ප්‍රශ්න පිට ප්‍රශ්න. කවදාවත් කෙලින් තීරණ නෑ. ප්‍රශ්නවලට විසඳුම් නෑ...
ඉන්ධන මිල වැඩි කරන්න. ලීටරය රුපියල් 100කින්වත්. එමගින් ඉන්ධන පරිභෝජනය අඩු වේවි..! එම අතිරික්තය විදුලිය නිපදවීමට යොදාගන්න...
රටත් කාලා අපිවත් කලා තොපි රටෙන් පිට වෙයල්ලා .අපි පුන්නක්කු කකා වහල්ලුගෙන් වහල් වැඩ බල බල මෙහෙට වෙලා ඉන්නම්
පොදු ප්‍රවාහන සේවය වැඩි දියුණු කරමු .එතකොට පෞද්ගලික වාහන වලට යන ඉන්ධන ප්‍රමාණය අඩු වේවි .එය මේ අවසතාවේ සහනයක් වේවි
හරි නම් ලයිට් කපන්න ඕනේ වහල්ලුන්ගේ ගෙවල් වල. අනික් මිනිස්සුන්ව මේවාට ගාව ගන්න හොඳ නැහැ..
මෙයාව විදුලිබල ඇමති කරල බලමුද දෙන පොරටෝක් අහන්න. මං හිතන්නේ එයාගේ දේශපාලන ජීවිතයෙ අවසාන කාලයයි මේ
ඇත්තෙන්ම ඇමතිතුමෝ අතීත රාජ්‍ය සේවයේ තුන්දා නීතිය හත්දා නීතිය වැනි රාජ්‍ය සේවයේ කාර්‍යක්ෂමතා වැඩිකිරීමේ ක්‍රමයක් කාර්‍යාල කළමනාකරණයේ තිබුනා.දැන් එහෙම දෙයක් කිසිවකු දන්න බවක් වත් නැතුවත් සාකච්ඡා සම්මන්ත්‍රණ කෙලවරක් නැහැ. කාර්‍යාලයකට ලිපියක් ලියාපදිංචි තැපෑලෙන් යැව්වත් පිළිතුරු නැහැ අඩු තරමින් රාජකාරි ලිපියක් යවා දින 14 කින් පිළිතුරක් නැත්නම් සිහිකැදවීමක් කල යුතුය.පිළිතුරක් එවියයුතුය රටේ තියෙන්නෙ එහෙමත් නොකරන කාර්‍යාල නිසා මේම රජයේ කාර්‍යාල මොකටද .ඉන්ධන ප්‍රශ්න ආදී ගැටලු විසදෙන තෙක් ඔබතුමා කියපු කාර්‍යාල විශේෂයෙන් වසා දමන්න.
මරු
ඉහල ඉඳන් පහලට වනතුරුම අකාර්යක්ෂම තාවය , දුෂණය,නාස්තිය හා හොර කමේ විපාක
කිසිඳු සීමා කිරීමකින් තොරව අපේ ජනාධිපති තුමා විදුලිය දෙන බව විශ්වාසයි .බොරු කටකතා වලට අහුවෙන්න එපා
ඔබත් ජාතිවාදය අවුස්සලා ජනතාව බේදභින්න කරපු අයෙක්ද? මිල සූත්‍රය ගැන මංගල මහත්තයට කොපමණ එවලද කරන කෙසේ වෙතත් මේ ගෙවන්නේ පාස්කු ප්‍රහාරයේ යුක්තිය වෙනුවෙන් මොර ගසන කාලයයි. මට කියන්න තියෙන්නේ ස්වභාව ධර්මය දඬුවම් කරනකොට වරද නොකළ සියල්ලට එහි ප්‍රතිඵල දරන්න වෙනවා. අහෝ මගේ රට..!
අපේ මිනිස්සුන්ට ඛනිජ තෙල් සහ විදුලිය පිරිමහන්න කතාකරන්නේ අර්බුදයක් ඇතිවුණාම පමණයි. අර්බුදය නැතිව ගිය වහාම නැවතත් සුපුරුදු ක්‍රමයටම වැඩ කරන්න පටන් ගන්නවා. විදුලිය සහ ඛනිජ තෙල් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට අවශ්‍ය දිගු කාලීන සැලසුම් පිළිබඳව කතාකළත් ඒවා ක්‍රියාත්මක කරන්නේ නැහැ. මේ නිසා මේ අර්බුද හැමදාමත් දකින්න ලැබෙනවා...
සීමා පැනවුණු පළමු වතාව මෙය නොවෙයි. ඒ නිසයි බොහෝ ආයතනවල ජෙනරේටර් සවිකර තිබෙන්නේ...!
අනේ ඔබතුමා 2015-2019 කාලේ ඇඳුම් ඇඳගෙන නේද මිල සූත්‍රයට විරුද්ධව වීදි බැස්සේ? දැන්නම් හිටු කියලා වදිනකොට රිදෙන රිදිල්ල ... පව් අනේ..!
රෙද්දක් ඇඳන්ද දන්නේ නෑ මිල සූත්‍රය ගැන කියන්නේ? මංගල සමරවීර ඕක ගැන කියද්දී මේ උන්දැලා ඒකට කියපු කතා අපිට නම් මතකයි. මේ යෝජනා ක්‍රියාත්මක වෙන්න ඕනේ මීට බොහෝම කාලෙකට කලින්...
රටේ තියෙන සියලුම වී8 වාහන රාජසන්තක කර ප්‍රති අපනයනය කළොත් නරකයිද? වී8 එකකට ඉන්දියන් මරුටියක් නොමිලේ දෙමු...
ඔය බයිලා මොනවා කීවත්, හරි ඉදිරි දැක්මක් විදුලි අර්බුදය විසදීමට බලධාරීන්ට නැති බව පෙනී යයි .