IMG-LOGO

වෛද්‍යවරියට හදි කළ නරුමයාගේ පැටිකිරිය

(යොහාන් භාසුර සහ ලහිරු හර්ෂණ)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස පුහුණු වන වෛද්‍යවරියක නිල නිවාසය තුළදී අපයෝජනය කළැයි කියන සැකකරු ගල්නෑව නවනගරය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය අනාවරණය කරගෙන ඇත. නිලන්ත  හෙවත් බන්ටි  යන නමින් පෙනී සිටියකු බව ද  උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

සැකකරු වෙනත් නඩුවක් සම්බන්ධයෙන්  බන්ධනාගාරගතව සිට සිද්ධියට පෙර දින එළියට පැමිණ ඇති බවත් කළක් සැකකරු සිවුරක් දරා  සිට ඇති බවත් පොලිසිය පවසයි.

යුද හමුදා සේවයෙන් පළා ගිය පුද්ගලයකු යැයි කියන අදාළ සැකකරු වෛද්‍යවරිය අපයෝජනය කිරීමෙන් අනතුරුව වෛද්‍යවරියගේ දුරකථන දෙකෙන් එකක් රැගෙන පළා ගොස් ගොස් තිබිණි. එසේ පැහැරගත් දුරකථනය තිබෙන ස්ථානය පිළිබඳ ලද සංඥා අනුව පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර එම සංඥා අනුව යමින් ගල්නෑව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගත්තේය.

අවුකන දුම්රියපොළ ආසන්නයෙන් දුරකථන සංඥා නැවතී තිබීම මොවුනට සැකකරු මෙම ප්‍රදේශයේ සැඟවී ඇතැයි සැකසිතීමට මූලික හේතුවෙන් පොලීසිය එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

ඒ අනුව යමින් සැකකරු ගල්නෑව, හෙළබොදුගම ප්‍රදේශයේ සැඟව සිටිය දී ගල්නෑව පොලීසියේ විශේෂ කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක වීමට   පුහුණු වන ඇය පෙරේදා (10) රාත්‍රියේ සුපුරුදු පරිදි පොරොත්තු රාජකාරී අවසන් කර නිල නිවසට යද්දී මෙම අපරාධයට මුහුණ දුන්නාය.

සිද්ධියෙන් සුළු වේලාවකට පසු වෛද්‍යවරිය යළිත් රෝහල් වාට්ටුවට පැමිණ එහි දුරකථනයකින් සිය පියා අමතා මුහුණදුන් සිදුවීම දැනුම්දී ඇත.

 



අදහස් (10)

වෛද්‍යවරියට හදි කළ නරුමයාගේ පැටිකිරිය

Toni Wednesday, 12 March 2025 02:20 PM

මොකක්ද මේ සැකකරුගේ බඩ ප්‍රෙද්ශයට වෙලා තියෙන්නේ..? ඔහු කිනම් හෝ රෝගයකින් පෙළෙන්නෙක්ද?

:       4       7

Kalu Wednesday, 12 March 2025 03:40 PM

ගරු ජනාධිපතිතුමනි, ස්ත්‍රී දූෂකයින්ට මත් කුඩු ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දෙන්න

:       0       0

Kazi Shajahan Wednesday, 12 March 2025 04:40 PM

සමාජය දූෂිත වෙලා තියෙන්නේ... කෝ සැපවත්, පොහොසත් රටකට ඡන්දෙ දුන්නා. තාම මොනවත් නැහැ නේ. මනුස්සයා දවසෙන් දවස ප්‍රපාතයට යනවා. තාම කිසිම දියුණුවක් නැහැ.

:       16       15

පිටිගල මිලානෝ Wednesday, 12 March 2025 04:52 PM

වෛද්‍යවරිය සහ පවුලේ අය ගැන හරිම කණගාටුයි.

:       1       16

fairoos Wednesday, 12 March 2025 05:04 PM

නිසි දඬුවම් ලැබුණොත් මෙවැනි අපරාධ අඩු කරන්න පුළුවන්. එපා නම් දෙන්න එපා.

:       2       9

Nihal Wednesday, 12 March 2025 05:25 PM

වැඩ නපුරු වුණාට පෙනුම අහිංසකයි. සේයා ඝාතනයට වගේ නොකරපු අයියා අල්ලන් ගියා. කාටත් මතක ඇති. මෑතකදී අවුරුදු 9ක් රිමාන්ඞ් එක සිට නිදහස් කළා. සැබෑ අපරාධකරු ඇල්ලුවාට පසු, අහුනොවුණා නම් ඒ අහිංසකයා හිරගෙදර දුක්විඳලා මැරිලා යනවා.

:       5       4

Mohan Mangala Mapa Wednesday, 12 March 2025 05:55 PM

අතවර කළා නම් ඉක්මන් ක්‍රියාමාර්ග, ස්ට්‍රයික් හොයාගන්නවා. අහිංසක ළමයෙකුට වුණොත් මොකුත් නෑ...

:       3       14

ගුණරත්න Wednesday, 12 March 2025 07:01 PM

කලින් අපරාධයක් කරලා ඇප පිට නිදහස් වූ දිනයේම කාන්තාවක් දූෂණය කළා... ඒත් ටික දවසකින් මෙයා ආයෙත් ඇප පිට නිදහස් වෙලා මිනියක් වුණත් මරයි.

:       0       9

බද්රානි Wednesday, 12 March 2025 08:07 PM

කොහොමත් කොල්ලෝ උඹේ පැටිකිරියයි, ලංකාවේ දොස්තරලාගේ පැටිකිරියයි අතර කිසි වෙනසක් නැහැ... ඔබ බලහත්කාරයෙන් ඒ ආශාව ඉෂ්ඨ කර ගත්තා වගේ තමයි. දොස්තරලා එවුන්ගේ ආශාව රෝගීන්ව මරලා හරි ඉෂ්ඨ කර ගන්නවා. උඹ ඒ ටික කළේ සමාජයට වහන් වෙලා ඒත්, මොවුන් සමස්ත සමාජයටම ඔවුන්ගේ හෙළුව පෙන්වමින් සිටිනවා. ඒ අතින් එවුන්ට වඩා වැදගත්...!

:       0       1

Nickon Thursday, 13 March 2025 06:14 AM

යුද හමුදාවෙන් හදන විනය නම් අන්තිමයි. ඒක දඬුවමට බයේ ගැහි ගැහී ඉන්න මිනිහෙක් හදන විනයක් මිසක් සැබෑ විනයක් නෙවෙයි. හමුදාවෙන් පැන්න ගමන් ඔවුන් කරන්නේ අපරාධ. හමුදාව මහන්සි වෙන්න ඕන සදාචාරවත් විනයක් හදන්න. රට ජාතිය වෙනුවෙන් කැප වෙන්නට හදවතින්ම බැඳෙන මිනිහෙක් හදන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1979 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 621 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 705 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site