
(ප්‍රසාද් රුක්මල් සහ පාලිත ආරියවංශ)
බදුල්ල ශික්ශණ රෝහලේ සේවය කරන වෛද්‍යවරෙයකුට බදුල්ල වෙලේකඩේ ප්‍රෙද්ශෙය් දී පහරදුන්නැයි රෝහලේ වෛද්‍යවරු අද(17) සංකේත වැඩ වර්ජනයක නිරතව සිටියහ.
පහරකෑමෙන් තුවාල ලැබූ බදුල්ල ශික්ශන රෝහලේ සේවය කරන වෛද්‍යවරයා බදුල්ල ශික්ශන රෝහලේ වාට්ටු අංක 8 නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව බදුල්ල පොලිසිය පවසයි.
මෙමවෛද්යවරයා රාජකාරි කටයුතු නිමකර ඊයේ(16) රාත්‍රි සිය නිළ නිවසට යාමට වෙලේකඩේ ප්‍රෙදේශයේ දී මෝටර් රථය නවතා ඒ අසල ආපනශාලාවකට ගිය අතර තුරේ මෝටර් රථය හරස් කර ත්‍රිරෝද රථයක් නවතා ඇති අතර පසුව වෛද්‍යවරයා මෝටර් රථය ගැනීමට ත්‍රිරෝද රථය ටිකක් අයින් කරන ලෙසට දැනුම්දීමත් සමඟ ත්‍රිරෝද රථයේ සිටි දෙදෙනකු වෛද්‍යවරයාට පහර දී ඇති බවත් පොලිසිය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිද්ධිය වුණේ රෝහලේ නෙවෙයි. එහෙනම් මොකටද වැඩ වර්ජන? මේ ගොල්ලන් චැනලින් කරන්න ඇති නේද?
පාරෙදි ගැහුවත් වර්ජනය කරනවාද?
ඔය එළියේ ප්‍රශ්නයට පොලිස් එකට කම්ප්ලේන් කරන්නේ නැතිව වර්ජනය කරලා හරියනවද?
මොවුන් නම් මනුස්සයෝ වෙන්න බැහැ... වර්ජනය කරන එවුන්ගේ කොදු කඩන්න ඕනෑ.
වර්ජනය කිරීම වැරදියි තමයි. ඒත් මෙතැන පෙන්නන්නේ ලංකාවට සාපයක් වූ ත්රීවිලර් උප සංස්කෘතියෙ තවත් කෙරුවාවක්. ඒ අයට වැරැද්දක් පෙන්නන්න ගියාම ගහන්න එනවා. මේ වාහනය ලංකාවට ගෙන්නන එක දැන් නවත්වන්න හෝ අධෛර්යමත් කරන්න ඕනෑ.
ඊලඟට ගෙදර භාර්යාව බැන්නොත් වර්ජනයක් බලාපොරොත්තු වන්න.
රතුපාට ටයි එකක් දාන කියත් මගේ දොස්තර මහත්තයා හිතන් ඉන්නේ බදුල්ල ඉස්පිරිතාලේ එයාගේ බූදලයක් කියලා...
මට සහතිකයි ඔය ත්‍රීවීල් මැරයා ජෙප්පෙක් කියල, මොකද උන් තමයි මාළිමා ස්ටිකර් ගහගෙන ඇවිද්දේ.