(අජන්ත කුමාර අගලකඩ)
කොරෝනා කාලසීමාවේදී රජයේ වෛද්‍යවරුන්ගේ අමතර දීමනා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත .
ඒ සඳහා සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
මෙම අමතර දීමනා වැඩි කිරීම මාස 4 ක කාල සීමාවක් සඳහා බල පැවැත්වෙනු ඇත .
වෛද්‍යවරුන්ගේ දෛනික අමතර සේවා පැය ගණන පැය හතරෙ සිට පැය 8 දක්වා ද ,මාසික අමතරව සේවා පැය ගණන පැය 120 සිට 180 දක්වා ද වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවි ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්පිරිතාල වල කෙරෙන්නේ කොවිඩ් වැඩ විතරයි. මමත් සායනයට ගිහින් නැහැ අවුරුද්දකින්. කොහොමද දොස්තරලට වැඩ වැඩි වෙන්නේ ? අමතර සේවා පැය ගණන වැඩි කිරීමත් වලංගු මාස 4ටද නැතිනම් සදහටමද කියන එක මෙහෙි පැහැදිලි නැහැ.
එතකොට මේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන්න මහන්සි වෙන්නෙ වෛද්‍යවරු විතරම ද? හෙද හෙදියො ම.සෞ.ප. ඇතුළු අනිකුත් කාර්ය මණ්ඩල බකං නිලාගෙන ඉන්නව ද? අනික රටේ සෞඛ්‍ය අමාත්‍යංශය කියන්නෙ වෛද්යරුන්ගේම අමාත්‍යංශයක් ද?
හරි ෂෝක්. මේ අය හිතන් ඉන්නේ දොස්තරලගෙන් විතරයි ඉස්පිරිතාලවල්වල වැඩ වෙන්නේ කියලා. සුළු සේවකයින් සහ හෙද කාර්යමණ්ඩල තමයි වැඩියෙන්ම කොරෝනා රෝගීන් එක්ක වැඩියෙන්ම ගැටෙන්නේ. අවදානම වැඩිමත් ඒ අයට. ඒ මිනිස්සුන්ට වැඩට එන්න හරියට බස් ටික දාගන්න බැරි ආණ්ඩුව පාදෙණියලාගේ පදේට දොස්තරලගේ විතරක් පඩි වැඩි කරනවා... ලැජ්ජයි...
කරුණාකර හෙදියන් සහ සුලු සේවකයින්ගේත් දීමනා වැඩි කරන්න. ඔවුන් ලබා දෙන්නේද කිසිවෙකුට නොදෙවෙනි සේවයකි...
මේ වගේ ව්‍යසනයකදී තමන්ගේ පඩිය ගැන හිතන මේ වගේ අපතයින් ඉන්නේ අපේ රටේ විතරයි. මිනිස්සු දහස් ගණන් මැරෙනවා. කන්න බොන්න නැතුව ලක්ෂ ගණන් දුක් විඳිනවා. ඒ ගැන කිසිම හැඟීමක් නැතිව මෙහෙන් දීමනා වැඩි කරගන්නවා. කාලකන්නි දේශපාලුවන් බිලියන 3.7 ක වාහන ඇණවුම් කරනවා. මේක මහදැනමුත්තා සහ ගෝලයෝ රොත්තටත් අන්ත අදූරදර්ශී, අසාර්ථක පාලනයක් කියන්න තවත් හේතු ඕනද?
මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
֍֍ හෙද හෙදියන්ට ලැබෙන අමතර දීමනා සඳහා සීමාවන් නොමැත. වෛද්‍යවරුන් සඳහා මුළු මාසය සඳහා පැය 60 ක් පමණක් වැඩිකර ඇත. ලබාගත හැකිවනුයේ රැකියාවට පැමිණියහොත් පමණි.
රට වහන්න කියන්නේ නිකන් ඉදන් පඩිගනන අය