
(යොහාන් භාසුර)
විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු රට හැරයෑම යෑම වළක්වා රැකගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කාලරාමුවක් සහිත නිශ්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවත් සමාජ ආර්ථික අර්බුදය හමුවේ වෛද්‍යවරු විදෙස් ගතවීමේ ගැටළුව සඳහා වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය සහ සාධාරණය ඉටු කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ශ්‍රී ලාංකීය වෛද්‍යවරුන්ට විදේශ රටවල රැකියා අවස්ථා ලබාදීමේදී එම ක්‍රියාවලිය නැවත සමාලෝචනය කරමින් දෙන අවස්ථාවන් සීමා කිරීම පිළිබද සලකා බලන ලෙස ජිනීවා නුවර පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික සමුළුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ බවත් මෙවන් අර්ථයක් හැගවෙන ප්‍රකාශයක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද කරමින් විදෙස් ගතවන වෛද්‍යවරු ගුවන් තොටුපොලේදී නවත්වන්නේ යැයි පැවසූ බව ද එම සංගමය කියයි.
පශ්චාත් උපාධි පුහුණු අවස්ථා වැඩි කිරීම හරහා වැඩි වශයෙන් විශේෂඥ වෛද්‍යවරුන් බිහිකර ඒ තුළින් රටට විදේශ විනිමය ගෙන්වා ගැනීමේ අවස්ථාව උදාකරගත යුතු බව කියන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෙවුණු වසර දෙකකට අධික කාලය තුළදී 2000 කට අධික වෛද්‍යවරු මෙරට හැරගොස් ඇති අතර මෙරට රැඳී සිටින වෛද්‍යවරුන් රැකගැනීම වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවුනහොත්, ශ්‍රී ලාංකීය රෝහල් පද්ධතිය බිඳවැටීම වැළැක්විය නොහැකි බව ද සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍යවරුනේ, ආර්ථිකය ප්‍රශ්නයක් නොවේ. වෘත්තීය සමිති කරන්න තමයි ප්රශ්නය. රටේ වෛද්‍යවරු නොවේ හැමෝම රට අත හැර යනවා. රටේ දේශපාලකයන් සහ පාර්ලිමේන්තුව... දැක්කාම...
අම්මෝ කප්පම් වෙද්දු. මරු සෙට් එක ලංකාවේ මිනිස්සු ගැන හිතන...
ඕක මොකක්ද KDU එකෙනුත් සල්ලි ගෙවලා ඉගෙන ගන්න තිබ්බ එකම චාන්ස් එකත් නැතිකරපු අය ඔය දේවල් ගණන් ගන්නේ නැහැ...
ඔව්... ඔව්... මේ රටේ හැමෝම කවදාවත් මැරෙන්නේ නැතුව සදාකාලිකව ජීවත් වෙන්නෙත් මේ රටට ඉර හඳ පායන්නෙත් මෙයාලා නිසා හැමෝගේම දේපල මෙයාලාට පවරලා හැම පවුලක්ම මෙයාලාගේ වහලුන් වෙමු...! එතකොටවත් මේ අඬවැඩියාව නතර වෙලා ඉවරයක් දකින්න ලැබුනොත් ලොකු දෙයක්...!
දැන් රට පාලනය කරන අමන විදිය දැක්කාම අඩු පඩියට හරි රටින් පනින්නයි හැමෝම උත්සාහ කරන්නේ. රටේ කිසිම ප්‍රශ්නයකට උත්තර නෑ. පාතාලය රජ වෙලා.
වෙනත් වචන වලින් කිව්වොත් වෛද්‍යවරුන්ට විතරයි ආර්ථික අමාරුකම් තියෙන්නේ...
වර්තමාන ආර්ථික අර්බුදය තුළ, ආර්ථික යුක්තිය සහ සාධාරණය ඉටුකළ යුත්තේ වෛද්‍යවරුන්ට පමණක් නොව, මෙය රටේ අනිකුත් වෘතීන්ටත් අදාළ විය යුතුයි. එමෙන්ම අද විදේශගත වන වෛද්‍යවරුන් බොහෝ දෙනෙක් අවසානයේ ඒ රටවල ස්ථිර පදිංචියට යන බැවින්, ඔවුන්ගෙන් රටට විශාල විදේශ විනිමය සම්ප්‍රේෂණයක් බලාපොරොත්තු විය නොහැක...
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන, කිසිම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පවත්වා ගැනීමට ඉඩ නොදෙමින් තම ආධිපත්‍යය හොවාගෙන සිටීම ඉතාම අසාධාරණයක්... විශාල සේවයක් කරන එක ගැන සහ බොහෝ වෛද්‍යවරුන් රටට, ජනතාවට ආදරය කරන එක ගැන තර්කයක් නැත.
රාජපක්ෂ රජයන් සමග එකතුවෙලා රටේම ආර්ථික යුක්තිය නැති කිරීමට ඔය සමිතිය උදව් කළා.
වෛද්‍යවරුන්ට නොසලකන,අවශ්‍ය පහසුකම් නොදෙන,අගය නොතේරෙන අයට සේවය සැපයීමට වඩා විදේශ ගත වීම සුදුසුය.නිදහස් අධ්‍යාපනය ලැබෙන්නෙ රටේ සියලුම දෙනාටය.එහි නිසි ඵල නොගත් කාලය මුදල් නාස්ති කළ අයට දඩ ගැසිය යුතුය.බොහෝ වෛද්‍යවරුන් රටින් පිටව යන්නෙ වසර 5 -10 රටට සේවය කිරීමෙන් පසුව.පාන් හදනවා වාගේ වෛද්‍යවරුන් සෑදිය නොහැක.නුසුදුසු වෛද්‍යවරුන් බිහි කිරීම භයානකය.බෙහෙත් නොබි ඉන්නවාට වඩා භයානකය වැරදි බෙහෙත් ශරීර ගත වී.
මහජන මුදලින් ඉගෙන ගෙන, තමන්ට ඉගැන්වූ මහජනතාව ප්‍රාණ ඇපයට තියාගෙන අසාධාරණ හා නොහොබිනා ඉල්ලීම් ඉදිරිපත් කරමින් වැඩ වර්ජනය කරන හා කරන්න තර්ජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නැමති කප්පම් කල්ලියේ අතකොළු ලෙස වැඩ කරන වෛද්‍යවරුන් බහුතරයක් ගැන මේ රටේ ජනතාවගේ කිසිම ප්‍රසාදයක් හෝ ගෞරවයක් නැහැ. ඒ නිසා යන්න කැමැති අයට රජය ඔවුන්ගේ අධ්‍යාපන වෙනුවෙන් වියදම් කෙරුව මුලු මුදල අයකර පුරවැසිභාවයද අහෝසි කර රටින් පිට කෙරුවා නම් කාට කාටත් ඒක පාඩමක් වනු ඇත.
දොස්තරලා ඕනෑම කෙනෙකුට මේ රටින් චුත වෙලාම යන්න පුළුවන්... ඒ වුණාට ලංකාවේ වගේ ලොකු කම් ඒ රටවල බැහැ... ටයි කරපටි පැළඳගෙන රෝහල් වල ඉන්න උම්මන්තක වෛද්‍යවරු ඒ රටවල නැහැ... දොස්තරලාගේ පෞද්ගලික කාර්වල බැජ් ගහගෙන, ලෝකෙට වෛද්‍යවරයෙක් කියලා පෙන්න ගන්න තරම් හීන මානයකුත් ඒ වෛද්‍යවරුන්ට නැහැ... ඒ වගේම පිටරටකට ගියා කියලා එහෙ වෛද්‍ය සේවයේ නිරත වෙන්න අයිතියකුත් නැහැ... 1975 ට කලින් එංගලන්ත වෛද්‍ය සභාවෙන් ලංකාවේ වෛද්‍ය විද්‍යාල නියාමනය කළ නිසා විශාල පිළිගැනීමක් හා එවකට බිහිවූ ලංකාවේ වෛද්‍යවරුන්ගේ විශාල ප්‍රමිතියක් තිබුණු නිසා අතීතයේ ලාංකික වෛද්‍ය වරුන්ට පිළිගැනීමක් තිබුණ එක සත්‍යයක්... නමුත්, වර්තමාන වෛද්‍යවරු කියන්නේ ලෝකෙට නම් නිකම්ම කොන්දොස්තරලා රැලක් බව ආයේ අමුතුවෙන් කිව යුතු නැහැනේ... දියුණු රටක රෝහල් පිරිසිදු කරන්නන්ගේ තරම් වත් යහපත් ආකල්ප නොමැති විශාල සමාජ වෛරයකින් හා ලෝකෙටම කෙරුම් කාරයින් යයි සිතා සිටින මේ උම්මන්තකයින්ව රජයේ වියදමින් පිටරටවල පුනරුත්තාපන කඳවුරු වලට යවා පුනරුත්තාපනය කිරීම නම් කාලෝචිතයි...