IMG-LOGO

විද්‍යුත් විකාශන සමුළුවක් ලංකාවේ

(අංජුල මහික වීරරත්න)

විද්‍යුත් විකාශකයින්ගේ සංගමය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය එක් ව විද්‍යුත් විකාශන සමුළුවක් (Broadcasting Symposium) ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම තීරණය විය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ දී පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ ඇත.

මෙම විද්‍යුත් විකාශන සමුළුව ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ට, මාධ්‍ය විද්වතුන්ට, මාධ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග වගකීම් සහ අනාගත අපේක්ෂාවන් ආමන්ත්‍රණය කිරීම සඳහා වේදිකාවක් වනු ඇති බවත්, සාදාචාරාත්මක මාධ්‍ය කලාවේ ගුණාත්මකභාවය සහ විනෝදාස්වාදය යන අංශ දෙක සදහා හොඳම භාවිතයන් ප්‍රවර්ධනය කරනු ඇති බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කීය.

එහිදී ඉදිරි වසර 05 දී විකාශන කර්මාන්තයේ අනාගතය, පවතින ගැටළු නිරාකරණය, ප්‍රකාශණ අයිතීන් පිළිබදව සාකච්ඡා කිරීමට ද නියමිතය.

තව ද යෝජිත විද්‍යුත් විකාශන සමුළුව සැසි 04 කින් සමන්විත එක්දින වැඩමුළුවක් ලෙස පැවැත්වීමටත්, සමුළුවේ සැසි මාතෘකා තේමා 4 කින් සමන්විතව පැවැත්වීමට තීරණය විය. එමෙන් ම, 2025 වසරේ ජුනි මස මෙම සමුළුව පැවැත්වීමට සුදුසු බවට ද මෙහිදී තීරණය කරනු ලැබී ය.



අදහස් (0)

විද්‍යුත් විකාශන සමුළුවක් ලංකාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1979 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 621 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 705 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site