(සුජිත් හේවාජුලිගේ )
කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දිගින් දිගටම වැඩි වුවහොත් පසුගිය මැයි මාසයේ ඇතිවූ බරපතළ තත්වයට රට යළි ගමන් කළ හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
කාර්යාල සහ සුපිරි වෙළඳසැල්වල සෞඛ්‍ය නීති පිළිපැදීම අඩාල වී ඇතැයිද හෙතෙම සඳහන් කළේය .
සුපිරි වෙළඳසැල්වල කාර්යාලවල අත සේදීම වැනි ක්‍රියාමාර්ග හරියට පිළිපැදිය යුතු බවද ඔහු කීවේය.
කොරෝනා රෝගීන්ගේ යම් වැඩි වීමක් පෙනෙන්නට තිබෙන බවත් මේ තත්වය සුළුවෙන් නොතකන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.
කොරෝනා රෝගීන්ගේ වැඩිවීමට ඩෙල්ටා හේතුවක් නොවේ යැයි කිව නොහැකි බවද වැඩි වීමට හේතුව සොයා බලා ගෙන යන බවද හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හේතුව හොයාබලා කියන්නකෝ...! මේ මාසේ මේ වෙනකම් දවසට මැරුනේ 40ට වඩා ඉහළ ගාණක්නේ. තව හොයන්න...
අද මම ප්‍රසිද්ධ පුද්ගලික රෝහලකට ගියා. උණ බලනවා ඇරෙන්න වෙනත් ක්‍රියා මාර්ගයක් තිබුනේ නැහැ.
තව පිකටින් ටිකක් කළා නම් හරි ... කෝ මේ රතු මල්ලිලා සහ පුතාණෝලා...?
මහත්තයෝ ඔය මන්තරේ අහලා අපිට ඇතිවෙලා... ඒක නිසා කරුණාකරලා අවශ්‍ය පියවර සහ නීතිරීති රට සහ රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් ගන්න...
මේ වගේ රටක් .ලෝකේ අනෙකුත් රටවල් නිරන්තර එන්නත්කරණය මගින් රෝගය හොදටම පාලනය කරලා කොරෝනා සමග ජීවත් වෙනවා .රටවල් සාමාන්‍ය අතට හැරෙනවා . ලංකාවේ විතරක් කොරෝනා ඔරෝනා ගරානා ,කොරෝනා වැඩී කියල පෙන්න පෙන්න ඇඩුවා .ජනතා විරෝධය මර්දනය කරනවා . හැන්චයියලා හොර බිස්නස් කරනවා ... මේ සේරම වැඩී වැඩී කියාගෙන එන්නේ එතනට