IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වෛද්‍ය සංගමයෙන් ජනපතිට අට වැදෑරුම් යෝජනාවලියක්

(අංජුල මහික වීරරත්න)

වත්මන්  සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් ගත යුතු පියවර ඇතුළත් අට වැදෑරුම් යෝජනාවලියක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක්  ජනාධිපති කාර්යාලයේ දී අද (13) පස්වරුවේ පැවැත්වුණු අතර එහිදී මෙම යෝජනාවලිය බාර දී ඇත.

 බුද්ධි ගලනය, සෞඛ්‍ය  ගැටලු ඇතුළු වෛද්‍යවරුන්ට බලපාන කරුණු සහ ඒවාට ගත යුතු පියවර අතුළත් කරුණු මෙම යෝජනාවලියේ අන්තර්ගත බව ජනාධිපති කාර්යාලය පවසයි.



අදහස් (9)

වෛද්‍ය සංගමයෙන් ජනපතිට අට වැදෑරුම් යෝජනාවලියක්

කිරිපුතා Friday, 13 October 2023 07:11 PM

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් විවෘත කරන එක ගැන කතා කරන්න ඇති අනිවාර්යයෙන්ම.... එයාලා විතරයි වෛද්‍යවරුන් විය යුුත්තේ. රටේ වෙනත් කිසිම දරුවෙකුට ඒ අවස්ථාවට ඉඩක් දෙන්නේ නෑ...!

:       15       22

චන්දනSaturday, 14 October 2023 07:26 AM

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දානව නම් දැඩි අවදානයක් තියෙන්න ඕනෑ. මම දන්න විදෙස් විශ්ව විද්‍යාල වලින් පැමිණි වෛද්‍යවරුන් රාශියක් ඉන්නවා ලංකාවේ රෝහල්වල වැඩ කරන. නමුත් ලංකාවේ අයත් එක්ක බලන කොට අහසට පොළව වගේ අකාර්යක්ෂමයි. ඒ වැඩි දෙනකුට තුවාලයකට හරියට මැහුමක් දාන්න බැහැ. බෙහෙත් වරද්දනවා. වැඩ මග හරිනවා...!

:       2       0

nimaliSunday, 15 October 2023 07:12 AM

මෙහෙ අයත් ඒ වගෙම තමා බහුතරයක්. හැබැයි මෙයලගෙ වරදි එගොල්ලොම යට ගහනව. කොච්චර සිද්දි වෙනවද වෛද්‍යවරුන්ගෙ වරදින්. දෙකල තියෙනවද එක්කෙනෙක්ට අඩු තරමින් විනය ක්‍රියාමර්ගයවත් ගත්ත. වරදිල හොඳ අත කැපුව, වකුගඩු වික්ක, බෙහෙත් වැරදිල මරුන. කො කරපු එකෙක්ගෙ නමක්වත් කිව්වද?

:       0       0

සෙනෙවිරත්න Friday, 13 October 2023 08:09 PM

මගේ කිරිපුතේ, දැනටමත් එයාලා වෛද්‍යවරුන් වෙලානේ. රටේ ගොවියන්ගේ, කම්කරුවන්ගේ දරුවෙකුට ඕවාට යන්න බැහැනේ. ඕවාට ඉඩදුන්නාම රජයේ ඒවා ඉබේම දියවෙන්න හරිනවා. ප්‍රමිතියකින් යුතුව කොන්දේසි සහිතව ආරම්භ කරනවාට කවුරුත් විරුද්ධ නැහැ...

:       0       0

abaran Saturday, 14 October 2023 01:15 AM

මේ ජි.එම් .ඕ කාරයින්ව සත පහකට ගණන් ගන්න එපා. මොවුන් හිතාගෙන ඉන්නේ ඔවුන් මහ අමුතු ජාතියක් කියලා. සමස්ත සෞඛ්‍ය සේවයම සැලකිල්ලට ගෙන එයාලාට විශේෂ වැටුප් තලයක් සකස්කරන්න. නැතිව ජීඑම්ඕ මාෆියාව කියන පදයට පමණක් නටන්න එපා. අන්තරේ සහ ජීඑම්ඕ කාරයින් අතර අමුතු වෙනසක් නැහැ. පොහොර තහනමේදී හෙළුවෙන් තමයි මුන් ගෝඨාට කඩේ ගියේ. අන්තිමට නැටි දෙපාර හැන්දේ ගහගෙන මික් නැතිව ඉන්නවා. එතැනින් මිනිස්සු අමාරුවේ වැටුණා කියලා කිසි ගාණක් නැහැ. තමන්ගේ වාසිය පමණක් හොයන ජාතියක් මේ අය...

:       1       3

Wije Saturday, 14 October 2023 05:57 AM

මහජනතාව කන්ට බොන්ට නැතිව අපා දුක් විඳිනවා කුහක GMO හැතිකරේ පඩි වැඩි කරගන්ට ඉල්ලනවා..

:       1       3

nirmal Saturday, 14 October 2023 06:07 AM

මෙයාලගේ ඉල්ලීම්වල ප්‍රධානම එවා වෙන්නේ 1) වෙන වෘත්තිකයින්ට බදු කැපුවත් දොස්තරලාට බදු කපන්න එපා 2) දොස්තරලාට වෙනම වැටුප් තලයක් ඕනෑ. එතකොට ඕනෑතරම් දොස්තරලාට වැටුප් වැඩි කරන්න පුළුවන් වෙන වෘත්තිකයින්ට වැටුප් වැඩි නොකර (දැනටත් වෙනම වැටුප් තලයක ඉඳලා තම අවම ලක්ෂ 2ක් වැටුප ගන්නේ 3) දක්ෂතාවය නැතත් ළමයි රටේ ඉහළම පාසල්වලට දාගන්න දුන්නේ නැත්තම් රට යනවා 4) දොස්තරලාට දෙන දීමනා වැඩි කරන්න 5) පුද්ගලික වෛද්‍ය විද්‍යාල වහන්න. කොටින්ම කියනවා නම් මම දැකපු ආර්ත්මාර්තකාමිම කුහක ඉල්ලීම් ඉල්ලපු වෘත්තිය සමිතියක්, මෙයාලා කියන විදියට දොස්තරලා රටින් ගියොත් තම බුද්ධි ගලනය, ආචාර්ය්ය, මහාචාර්‍යවරු, ඉංජිනේරුවෝ, ආර්තික කෘෂිකර්ම විශේෂඥයින් රටින් යන එක බුද්ධි ගලනයට අදාල වෙන්නේ නෑ. මෙයාලා විතරයි රටක ඉන්න ඕනෑ..

:       0       3

supun Saturday, 14 October 2023 06:15 AM

මොවුන් තමයි මරු පොරවල්. කාලයක් මහින්ද පස්සෙන් ගියා. පහුගිය ටිකේ අනුර කුමාර පස්සෙන් ගියා. දැන් ආයිත් රනිල් පස්සෙන් යනවා. තනියෙන් යන්නේ දොස්තරලාට විතරක් වරප්‍රසාද ගන්න. නැත්තම් සියලු විධායක ශ්‍රේණියේ ඒකාබද්ධ සංගමය එක්ක එන්න එපැයි. ආර්මාර්තකාමී කමේ පිකාසෝලා. එක්කෝ ණයවෙලා හරි අවුරුදු 6 කට විතර පිටරටින් දොස්තරලා ගෙනත් මොවුන් ටිකට රටින් යන්න ඇරලා අලුතින් විශ්ව විද්‍යාල වලට ගන්න ළම්යින්ව ගිවිසුම් ගත කරගෙන මෙ රටේ දොස්තරලා හැදුවා නම් හරි. නැත්තම් මොවුන්ට කොච්චර දුන්නත් මදි...

:       2       3

MO77 Sunday, 15 October 2023 08:04 AM

ජනතාව වෛද්‍යවරයන් බිහිකිරීමට වියදම් කරපු මුදල වර්තමානයට ගලපා අය කිරීමෙන් පසු ඕනෑම රටකට යාමට ඔවුන්ට අයිතියක් ඇත. එසේ නොමැතිව ඔවුන්ට පදිංචියට යාම සඳහා පොලිස් වාර්තා නොදිය යුතුයි. රජයකට කරන්න පුළුවන්. හම්බ කරනවා විදිහට බදු ගෙවීම අනිවාර්යයෙන් කළ යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site