
(අංජුල මහික වීරරත්න)
වත්මන් සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් ගත යුතු පියවර ඇතුළත් අට වැදෑරුම් යෝජනාවලියක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී අද (13) පස්වරුවේ පැවැත්වුණු අතර එහිදී මෙම යෝජනාවලිය බාර දී ඇත.
බුද්ධි ගලනය, සෞඛ්‍ය ගැටලු ඇතුළු වෛද්‍යවරුන්ට බලපාන කරුණු සහ ඒවාට ගත යුතු පියවර අතුළත් කරුණු මෙම යෝජනාවලියේ අන්තර්ගත බව ජනාධිපති කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් විවෘත කරන එක ගැන කතා කරන්න ඇති අනිවාර්යයෙන්ම.... එයාලා විතරයි වෛද්‍යවරුන් විය යුුත්තේ. රටේ වෙනත් කිසිම දරුවෙකුට ඒ අවස්ථාවට ඉඩක් දෙන්නේ නෑ...!
මගේ කිරිපුතේ, දැනටමත් එයාලා වෛද්‍යවරුන් වෙලානේ. රටේ ගොවියන්ගේ, කම්කරුවන්ගේ දරුවෙකුට ඕවාට යන්න බැහැනේ. ඕවාට ඉඩදුන්නාම රජයේ ඒවා ඉබේම දියවෙන්න හරිනවා. ප්‍රමිතියකින් යුතුව කොන්දේසි සහිතව ආරම්භ කරනවාට කවුරුත් විරුද්ධ නැහැ...
මේ ජි.එම් .ඕ කාරයින්ව සත පහකට ගණන් ගන්න එපා. මොවුන් හිතාගෙන ඉන්නේ ඔවුන් මහ අමුතු ජාතියක් කියලා. සමස්ත සෞඛ්‍ය සේවයම සැලකිල්ලට ගෙන එයාලාට විශේෂ වැටුප් තලයක් සකස්කරන්න. නැතිව ජීඑම්ඕ මාෆියාව කියන පදයට පමණක් නටන්න එපා. අන්තරේ සහ ජීඑම්ඕ කාරයින් අතර අමුතු වෙනසක් නැහැ. පොහොර තහනමේදී හෙළුවෙන් තමයි මුන් ගෝඨාට කඩේ ගියේ. අන්තිමට නැටි දෙපාර හැන්දේ ගහගෙන මික් නැතිව ඉන්නවා. එතැනින් මිනිස්සු අමාරුවේ වැටුණා කියලා කිසි ගාණක් නැහැ. තමන්ගේ වාසිය පමණක් හොයන ජාතියක් මේ අය...
මහජනතාව කන්ට බොන්ට නැතිව අපා දුක් විඳිනවා කුහක GMO හැතිකරේ පඩි වැඩි කරගන්ට ඉල්ලනවා..
මෙයාලගේ ඉල්ලීම්වල ප්‍රධානම එවා වෙන්නේ 1) වෙන වෘත්තිකයින්ට බදු කැපුවත් දොස්තරලාට බදු කපන්න එපා 2) දොස්තරලාට වෙනම වැටුප් තලයක් ඕනෑ. එතකොට ඕනෑතරම් දොස්තරලාට වැටුප් වැඩි කරන්න පුළුවන් වෙන වෘත්තිකයින්ට වැටුප් වැඩි නොකර (දැනටත් වෙනම වැටුප් තලයක ඉඳලා තම අවම ලක්ෂ 2ක් වැටුප ගන්නේ 3) දක්ෂතාවය නැතත් ළමයි රටේ ඉහළම පාසල්වලට දාගන්න දුන්නේ නැත්තම් රට යනවා 4) දොස්තරලාට දෙන දීමනා වැඩි කරන්න 5) පුද්ගලික වෛද්‍ය විද්‍යාල වහන්න. කොටින්ම කියනවා නම් මම දැකපු ආර්ත්මාර්තකාමිම කුහක ඉල්ලීම් ඉල්ලපු වෘත්තිය සමිතියක්, මෙයාලා කියන විදියට දොස්තරලා රටින් ගියොත් තම බුද්ධි ගලනය, ආචාර්ය්ය, මහාචාර්‍යවරු, ඉංජිනේරුවෝ, ආර්තික කෘෂිකර්ම විශේෂඥයින් රටින් යන එක බුද්ධි ගලනයට අදාල වෙන්නේ නෑ. මෙයාලා විතරයි රටක ඉන්න ඕනෑ..
මොවුන් තමයි මරු පොරවල්. කාලයක් මහින්ද පස්සෙන් ගියා. පහුගිය ටිකේ අනුර කුමාර පස්සෙන් ගියා. දැන් ආයිත් රනිල් පස්සෙන් යනවා. තනියෙන් යන්නේ දොස්තරලාට විතරක් වරප්‍රසාද ගන්න. නැත්තම් සියලු විධායක ශ්‍රේණියේ ඒකාබද්ධ සංගමය එක්ක එන්න එපැයි. ආර්මාර්තකාමී කමේ පිකාසෝලා. එක්කෝ ණයවෙලා හරි අවුරුදු 6 කට විතර පිටරටින් දොස්තරලා ගෙනත් මොවුන් ටිකට රටින් යන්න ඇරලා අලුතින් විශ්ව විද්‍යාල වලට ගන්න ළම්යින්ව ගිවිසුම් ගත කරගෙන මෙ රටේ දොස්තරලා හැදුවා නම් හරි. නැත්තම් මොවුන්ට කොච්චර දුන්නත් මදි...
ජනතාව වෛද්‍යවරයන් බිහිකිරීමට වියදම් කරපු මුදල වර්තමානයට ගලපා අය කිරීමෙන් පසු ඕනෑම රටකට යාමට ඔවුන්ට අයිතියක් ඇත. එසේ නොමැතිව ඔවුන්ට පදිංචියට යාම සඳහා පොලිස් වාර්තා නොදිය යුතුයි. රජයකට කරන්න පුළුවන්. හම්බ කරනවා විදිහට බදු ගෙවීම අනිවාර්යයෙන් කළ යුතුයි...