ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 122 වැනි සභාපතිනිය ලෙස විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පත් කර ඇත.
වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය විශාඛා විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවකි.
ඇය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සර්වාංග විශේෂඥ වෛද්‍ය ලෙස කටයුතු කළ අතර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පළමු මහාචාර්ය වරියකි.
වෛද්‍ය විජේසුන්දර මහත්මිය ශ්‍රී ලංකා සර්වාංග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ධුරයද දරුවාය.
එමෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපතිවරුන් ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ කථිකාචාර්ය වෛද්‍ය පණ්ඩුක කරුණානායක මහතා සහ ශ්වශන රෝග විශේෂඥ වෛද්‍ය කීර්ති ගුණසේකර මහතා ද පත් කර තිබේ.
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ලේකම් ධුරයට පත් කර ඇත.
(36698)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමියට සුභ පැතුම් !
විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය ඉතාම හොද දක්ෂ වෛද්‍යවරියක් 92 වසරේ ඇය මාව මරණයෙන් ගලවා ගත්තා, ඇය මිහිපිට දෙවි කෙනෙක්, මම එතුමියට නිරෝගී සුව සහ තෙරුවන් පිහිට පාර්ථනා කරමි.!
කොච්චර හොඳ වුනත් ඔය තනතුරට ආවහම අමුතු උමතුවක් වැහෙනවා. මෙතුමියට එසේ නොවේවායි ඉතසිතින් පතමු...
උගත්, බුද්ධිමත් සිංහල ජාතියට ආදරේ කරන ඔබතුමියට අපගේ උණුසුම් සුබපැතුම්!!!
අතිවිශිෂ්ඨයි.
ගිලන් රථ වලට ගල් ගහන්න කියලා සිවිල් සමාජයෙන් ඉල්ලන "දොස්තරලා " ඉන්න මේ රටේ ඔබ වැනි උගත්, බුද්දිමත් , දක්ෂ ඒ හැමටම වැඩිය නිරහංකාර ඔබ තුමියට අපේ ආචාරය චිරං ජයතු !
මෙම වෛද්‍ය තුමිය දේවතාවියක් .ඒ තරමිම මනුස්සත්ව්යයෙන් පිරි හදවතක්. බුදුසරණයි එතුමියට
ඇය දේවතාවියක් එතරමිම පිරි මනුස්සත්වය බුදුසරණයි එතුමියට
එතුමිය දේවතාවියක් එතරමිම මනුස්සත්වය බුදුසරණයි එතුමියට