
(දයාසීලි ලියනගේ)
විද්‍යා පීඨ ගුරු පුහුණුව අවසන් කළ 3772 දෙනෙක් පාසල් වලට අනුයුක්ත කළ නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බව එක්සත් ගුරු සංගමයේ සභාපති ගලේවෙල පඤ්ඤාසේකර හිමියෝ කියති. මෙම ගුරුවරුන් පාසල් වලට පත්කළ නොහැක්කේ අදාළ පාසල් වල පුරප්පාඩු නොමැති නිසා බවද උන්වහන්සේ පවසති.
පදිංචි දිස්ත්‍රික්කයේ පිහිටි පාසල් වල ගුරුවරුන්ගේ විෂයට අදාළව පුරප්පාඩු නොතිබීම නිසා මෙම අර්බුදකාරී තත්ත්වය උද්ගත වී තිබෙන බවද එක්සත් ගුරු සංගමයේ සභාපති හිමියෝ කියති. එබැවින් විද්‍යාපීඨ සමත් පිරිස ඔවුන් පදිංචි දිස්ත්‍රික්ක වලින් පිටත පාසල් වලට අනුයුක්ත කිරීමට සිදුවී තිබේ.
මෙම විද්‍යාපීඨ පුහුණුවීම් ලැබූ ගුරුවරුන්ගේ විභාග ප්‍රතිඵල ප්‍රමාද වීම නිසා ඔවුන්ට පත්වීම් ලබාගැනීමටද වසරක කාලයක් ප්‍රමාද වී ඇතැයි එක්සත් ගුරු සංගමයේ සභාපති ගලේවෙල පඤ්ඤාසේකර හිමියෝ කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විද්‍යාපීඨ වලින් ගුරුවරු එනවා... ඔවුන්ගෙන් ඉගෙන ගත්ත අය ගුරුවරු වෙනවා. ඔවුන්ද ගුරුවරු හදනවා ඕකයි චක්කරය. අන්තිමට ගුරුවරු සහ ශිෂ්‍යයින්...
48 සිට අපි රැවටුණා... 2019 අන්තයටම රැවටුණා. දැන් සැපද?
බදවා ගන්න විට පුරප්පාඩු ගණනය කර බඳවා ගත යුතුය. අනෙක දුෂ්කර අතිදුෂ්කර පාසල්වල ඕනතරම් පුරප්පාඩු ඇත.
දුෂ්කර කරන අය හැමදාම දුෂ්කර කරනවා. සුපිරි පාසල්වල ඉන්න අය එම පාසල්වල සිටිනවා.
මේ ආණ්ඩුවේ එකක් කියනවා. එකක් කරනවා. 2/3 දීපු වගේ ප්‍රතිඵල ඔය ටික ටික එන්නේ.. දැන් සනීපද?
අවුරුද්දක් යන්න කළින් මෙහෙමනම්, අවුරුදු 5කින් කෙරුවාව හිතාගන්න පුළුවන් ළමයිනේ...
උතුරු මැද පළාත තුළ ගුරු පුරප්පාඩු 3200ක් ඉක්මවා ඇත. කුමන විෂයන් වුවත් ගැටලුවක් නැති බැවින් උතුරු මැද පළාතට එවන්න. බලධාරින්ගේ අවධානය යොමු වේවා!
සහතික ඇත්ත... පුරප්පාඩු වලට වැඩ පුහුණු කරන්නේ නැහැ නේද? පෙනෙන විදිහට දේශපාලන පත්වීම් නිසා පුරප්පාඩු පිරිලද? නැතිනම් උපාධිධාරින් අරගෙන පිරිලද?