(ඩයනා උදයංගනී)
ලංකාවේ කොරෝනා රෝගී ව්‍යාප්තිය ජී.පී.එස්. තාක්‍ෂණය යටතේ සිතියම්ගත කිරීමේ ක්‍රමවේදයක් මෙම සතිය තුළ ඇති නොකරන්නේ නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්‍ෂණික කමිටුවලට සක්‍රීය දායකත්වය දැක්වීමෙන් ඉවත් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (4) පැවසීය.
එසේ නොකරන්නේ නම් තාක්‍ෂණික කමිටුවල සිටීමේ තේරුමක් නොමැති බැවින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව ඊයේ (3) රැස්වී මෙම තීරණය ගත් බව ද හෙතෙම සඳහන් කළේය.
කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට අදාළව නිවැරදිම තීරණ ගත හැක්කේ දිනපතා වාර්තාවන රෝගීන් සිතියම් ගත වුවහොත් පමණක් බව කී වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙම සිතියම් ක්‍ෂේත්‍රයේ සිට යතාවත් කිරීම නිවැරදිම ක්‍රමවේදය යැයි ද සඳහන් කළේය.
කොරෝනා රෝගීන් වාර්තා වන ආකාරය ජී.පී.එස්. තාක්‍ෂණය යටතේ සිතියම්ගත කළහොත් රටේ වැඩිම අවදානම ඇත්තේ කුමන පළාතේද දිස්ත්‍රික්කයේද, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේද, ග්‍රාම නිලධාරී වසමේ ද ආදී වශයෙන් මනාව අවබෝධ කරගෙන හුදෙකලා කළ යුතු ස්ථාන ආදිය සම්බන්ධයෙන් වඩාත් නිවැරදි තීරණ ගැනීමට හැකිවන බව ද අලුත්ගේ මහතා පැවසීය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
වෛද්‍ය නිලධාරීන්ගෙන් රජයට අනතුරු ඇඟවීමක්
dimal Wednesday, 04 November 2020 11:42 AM
වෘත්තීය සමිති තීරණ ගැනීම අපට අවශ්‍ය නැත.
සෙනෙවිරත්න Wednesday, 04 November 2020 12:14 PM
රජයෙ කොටස් කරුවන් ලෙස තමන්ගෙ සංගමයට මේක කරන්න බැරි ඇයි?
siri Wednesday, 04 November 2020 12:25 PM
ඕවා දැන් අවශ්‍ය වන්නේ නැහැ. ආණ්ඩුවේ අලුත්ම " ටූල් " එකතමා මන්ත්‍රාචාර්යතුමා ජප කරපු "මහා කොරෝනා නාශක ජල මුට්ටි" සිව් මහා ගංගාවන්ට හලන එක. දැන් කිසිදේකට බයවෙන්න කාරනාවක් නැහැ.
upali Wednesday, 04 November 2020 01:55 PM
නිමාවීමක් නැති තර්ජන හා ගර්ජන. ඔහේ විකාර කියනවා.... ලකුණු දාගන්න.
රතුගමගේThursday, 05 November 2020 01:51 AM
ජනතාවගේ සෞඛ්‍යය වෙනුවෙන් අනුපමේය සේවයක් සිදුකල හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිතගේ ප්‍රජා අයිතිය අහෝසිකරන්න කියපු ඔබ සංගමයට දැන් සතුටුද.?
මාතර සත්‍යපාල Wednesday, 04 November 2020 04:03 PM
හරිත මැතිතුමණි, රටේ ජනතාව වෙනුවෙන් ඔබ කරන කැපවීම අගය කරමි. එදත් අදත් හැමදාමත් ඔබ ජනතාව වෙනුවෙන් මිස දේශපාලකයින් ආරක්ෂා කිරීමට කටයුතු නොකිරීම ඉතා අගය කරමි. ඔබට තනතුරු වරප්‍රසාද අවශ්‍ය නැත. ජනතා උපහාරය නොඅඩුව ලැබෙනු ඇත. එදා ඔබ ගැන විවේචනය කළ අය අද පසුතැවෙනු ඇත. කිසිම ආණ්ඩුවකට දේශපාලන පක්ෂයකට කඩේ යන්න එපා. අවශ්‍ය දේ කරන්න. කෝවිඩ් මාරයාගෙන් රටේ ජනතාව ගලවා ගන්න ඔබ ඇතුලු කණ්ඩායම කරන දේ බොහෝ දෙනෙක් අගය කරනවා. එදා රාජිතට විරුද්ධ වුණෙන් අසාධාරණයට පක්ෂව කටයුතු කරන්න බැරි නිසා බව අපි දන්නවා. අද හැම මාධ්‍ය ආයතනයක්ම ඔබගේ ගමන හරි බව තේරුම් ගෙන කටයුතු කරනවා. ඒ වෙන කිසිවක් නිසා නොවෙයි. මරණ භය නිසා. කෙලින් කථා කරන මිනිස්සුන්ට මම හරිම කැමතියි. ඔබත් ඒ වගේ කෙනෙක්. ඔබට නිදුක් නිරෝගී සුවය සහ ආරක්ෂාව පතමි.
RaveendraWednesday, 04 November 2020 06:06 PM
ඔබගේ අදහස් අප අගය කරන්නෙමු.. එනමුත් විදේශ රටවල රැකියා අහිමිවී අනේකවිද අපා දුක් විදින ඒ අහිංසක මිනිසුන් තම උපන් රටට එන්නට නොදී ඔවුනට රටට ඇතුළුවීමට නොදීම පිලිබදව මොවුන්ගේ "කියවීම" කුමක්ද යන්න දැනගනුමට කැමැත්තෙමු.. ඒ මිනිසුන් නිසා නොවේද මෙතෙක් කල් මුළු ලංකාව තුන් වේල ගිලදම්මේ යන්න දැන් සියල්ලන්ටම අමතකවීම කොතරම් අවාසනාවක්ද...? ලෝකයේ "කිසිදු රටක් නොකරපු නිවට නහින තීරණයක් නොවේද තමන්ගේ පුරවැසියන්ට රටට ඇතුළුවීමට අවසර නොදීම... එයට ඍජුවම දායකවීම හා උපදෙස්දී තිබෙන්නේ මේ ඔබ කියන කොන්දොස්තර සමිතිය නොවේද? එසේ විදේශවල සේවය කරමින් ලංකාවට ඩොලර් එවනකොට ඒ මිනිසුන් රටවිරුවන් වුවත් දැන් ඔවුන් ලෙඩ බෝකරන්නන් ලෙස කියන්නෙත් "ඔය කියන කොන්දොස්තර සමිතිය" නොවේද? එසේ වෙනත් රටවල විශේෂයෙන් (මැදපෙරදිග) රැකියා අහිමි වී උන්හිටිතැන් කුසගින්නේ දුක්විදින ඒ මිනිසුන් ගැන එක දේශපාලුවෙක් හෝ වෛද්‍ය විද්‍යාවේ කෙල පැමිණි එක කොන්දොස්තරයෙක් කතා කළාද? ඒ මිනිසුන්ව ඉක්මණින් තම උපන් රටට ගෙන්වා ගැනීමට? "මෙම අදහස් ගෝටා මෙන්ම කොන්දොස්තර සමිතියේ සියලුම උද්දච්ච කොන්දොස්තරලාට" වෙනසකින් තොරව කියවීමට හැකි වේවා.
de silva Wednesday, 04 November 2020 10:27 PM
දොස්තර සංගමය මුල ඉඳන්ම රාජපක්ෂලාට කඩේ ගිහින් දැන් විකාර දොඩවනවා.