
(මනෝප්‍රිය ගුණසේකර )
සෞඛ්‍ය අමාත්‍යාංශයට සම සෞඛ්‍ය උපාධිධාරින් අතරින් වෛද්‍ය කාර්මික ශිල්පීන් සහ භෞතික චිකිත්සකයන් බඳවා ගැනීමට නියමිතව පත්වීම් ලබා දීමේ තීරණය නවතාලමින් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කළේය.
මෙම නියෝගය ජූනි මස 11 වැනි දින දක්වා බල පැවැත්වේ.
අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ සම සෞඛ්‍ය උපාධිධාරීන් 270 දෙනෙකු විසින් ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් පසුවය.
අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති ලෆාර් තාහිර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීණි.
සම සෞඛ්‍ය උපාධිධාරී විමුක්ති චන්දුල මහතා ඇතුළු 270 දෙනෙකු විසින් ගොනුකොට තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරු ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
පෙත්සමේ මෙසේ සඳහන් වේ.
පෙත්සම්කරුවෝ සියලු දෙනාම සම සෞඛ්‍ය උපාධිධාරීහු වෙති.
පසුගිය අප්‍රේල් මස 27 වැනි දින 23 89 දරණ ගැසට් නිවේදනය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෛද්‍ය කාර්මික ශිල්පීන් සහ භෞත චිකිත්සකයන් සම සෞඛ්‍ය උපාධිධාරීන් අතරින් තරඟ විභාගයක් තුළින් බදවා ගන්නා බවට ප්‍රසිද්ධ කෙරිණි. පෙත්සම්කරුවෝද ඊට අයදුම් කළහ.
එහෙත් එම කැසට් නිවේදනයේ 6 වෙනි ඡේදයේ සදහන් කරුණු විමර්ශනය කිරීමේදී පෙනී යන්නේ සම සෞඛ්‍ය උපාධිධාරින් බදවා ගැනීම කුසලතා පදනම මත සිදුවන බවත් ඒ මගින් පෙත්සම්කරුවන් ට ඉමහත් අසාධාරණයක් සහ අගතියක් සිදුවන බවත් ය.
ඊට හේතු වන්නේ පෙත්සම්කරුවන්ගේ උපාධි ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් නොදැක්වීමය. එබැවින් මෙම තරග විභාගයේ ප්‍රතිඵල මත මෙම පත්වීම් ලබාදීම අසාධාරණ අයුක්ති සහගත බවද ඔවුහු කියා සිටීති.
එබැවින් වගඋත්තර කරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , පත්වීම් ලබාදීම වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙස්සමෙන් ඉල්ලා ඇත. නීතිඥ රම්සි බාචා නීතිඥ සමාගමේ උපදෙස් පරිදි නීතිඥ රජීව අමරසූරිය මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපාධිධාරීන් අතරින් නම් බදවා ගන්නේ, පුරප්පාඩු වලට වැඩිය අයදුම්පත් ඉදිරිපත් වෙලා තියෙනවා නම් ඒ සදහා තරග විභාගයක් නොපවත්වා සුදුස්සන් තේරීම හැර වෙන විකල්පයක් නැහැ කියලා මේ හරක්ට නොතේරෙන හැටි.දැන් මේගොල්ලො කියන්නේ ඇමතිගේ හරි මන්ත්‍රිගේ හරි ලියුම සුදුසුකමක් හැටියට සලකලා බදවා ගන්න කියලද ? මේ පෙත්සම දැම්ම හරක් නම් රාජ්‍ය සේවයට තමන්ගේ නුසුදුසුකම හොදටම ප්‍රදර්ශනය කරලා තියෙනවා.
තරඟ විභාගයක වරද මොකක්ද?.. හැමෝම උපාධිධාරීන් නම්... අනික රජය, පුද්ගලික university කියලා වෙන් කළොත්.. අර ළමයි මූලික අයිතිවාසිකම් නඩුවක් දායි.
අතුරු තහනමක් විතරයි.
උපාධි හෝ කිසියම් අධයාපනයක් ලබාගත් පමනින් වැඩ කිරීමට සුදුසුකම් සියල්ල සපුරා ගත්තා සේ සලක්න්න බැහැ. එයට ප්‍රායෝගික පුහුනුව ඩහ කුසලතාවයනුත් සපුරා ගත් යුතුයි .ඒ නිසා තමයි ඕනෑම රැකියාවක පරිවාස කාලයක් සහ ප්‍රායෝගික පුහුනු පාඨමාලා තියන්නේ. හැමෝම බලන්නේ හරි විදියක රැකියාවක් කරල වටිනා ජීවිතයක් ගත කරන්න නෙමෙයි,. කොහොම හරී ජොබ් එකක් හොයාගෙන ලේසියෙන් ගොඩ යන්න, අනිත් එකාට හෙන ගැහිල ගියත් කමක් නෑ කියලා. ඊට පස්සෙ වැඩේ කරගන්න බැරි වුනාම, ස්ට්‍රයික් කරන්නයි, ගේම් ගහන්නයි යන්නේ මුන් තමයි.
උපාධිධාරීන් අතුරින් කිහිප දෙනෙක් පමණක් තෝරා ගන්නේ නම් අමතර තරඟ විභාගයක් පැවැත්වීමයි සාමන්‍ය ක්‍රමය. මෙතැනදී සිදුව ඇත්තේ දේශපාලනමය තත්ත්වක් සලකා බැලීමක් ලෙසයි පෙනෙන්නේ. අනුන්ට බැන බැන තමනුත් කරන්නේ ඒකම විය හැකියි.
උපාධිධාරින් පරිපාලන සේවයට බඳවා ගැනීමේදීත් තරඟ විභාගයක් පවත්වනවා නේද? ඇයි ඉතින් මේකට විතරක් එපා කියන්නේ...?
උසාවියෙන් සුදුසු තීන්දුවක් දෙයි. ඇයි මේ පැලවත්තේ ඩෝබිලා කලබල වෙලා?
උසාවියෙන් සුදුසු තීන්දුවක් දෙයි. ඇයි මේ මල් පාරේ "යෝගා ඩෝබි" කළබල වෙලා?
ඩෝබියෝ ටික කෙඳිරිගාන්නේ ඔවුන්ගේ ආණ්ඩුවට බැන්නා කියලා, පේනවා නේ වහල්කමේ තරම...
මේ සියල්ලටම මුල රටේ පවතින රැකියා හිඟය. තරඟ විභාගයෙන් වැඩි ලකුණු නොලබන අය රැකියා සොයා ගන්නේ කෙසේද?
ඔතැන ප්‍රශ්නය වෙලා තියෙන්නේ ගැසට් කළාට පුරප්පාඩු වලට වඩා අඩු කට්ටියක් අයදුම් කරලා තියෙන්නේ ඒක නිසා තරඟ විභාගයක් තියන්නේ නැතුව ඔක්කෝම අරන්. ඉතින් ඒක සාධාරණයි...