(සුජිත් හේවාජුලිගේ)
වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය.
මෙම විෂයන් දෙක සඳහා නිශ්චිත ජාතික ප්‍රතිපත්ති නොතිබීමෙන් ගැටලු රැසක් මතුව ඇතැයිද ඔහු සඳහන් කළේය.
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවද මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරයි.
මේ අතර විශ්ව විද්‍යාලවල අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලවල පුරප්පාඩු හැකි ඉක්මනින් පුරවන ලෙස සියලුම උපකුලපතිවරුන්ට දැනුම්දී ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් නම් කුමාර සහ දොස්තර රන්වලවත් මේකට දාන්න.
AL වල A 3ක් ලබාගෙනත් මේ රටේ medical faculty එකට යන්න නොහැකි ළමයින් ඉන්නවා. ඒ ළමයින්ට නැවත දෙවෙනි වරටත් විභාගය ලියන්න මහන්සි වෙන්න වෙනවා. මෙම තත්ත්වය මෙවැනි දක්ෂ ළමයින් ට සිදුකරන විශාල මානසික අසාධාරණයක් ලෙස පෙනේ. උපරිම ප්‍රතිපල ලබාගෙනත්, ඔවුන්ට වඩා අඩු ප්‍රතිපල ලබාගත් ළමයින්ට අවස්ථා ලැබීම හරිම කනගාටුදායකයි. අඩුම තරමින් A 3ක් ලබාගත් සියලුම ළමයින්ට අවස්ථාවක් ලබාදීම ඔවුන්ගේ මහන්සියට කරන සාධාරණ ගෞරවයක් වේවි. SAITM වැනි විකල්පයක්වත් තිබුණා නම්, මේ වගේ ළමයින්ට අඩුම තරමින් කිසියම් වෙන විකල්පයක් හරි තියෙනවා. ලොකුම ප්‍රශ්නේ, මෙච්චර පිරිසක් medical faculty ගිහිල්ලත්, රටට ඕනේ දොස්තරලා ටික නැහැ.වෙන උපාධි වගේ නෙවෙයි, එලියට ආපු ගමන් රැකියාව, මොවුන්ට රටේ අවම වශයෙන් අවුරුදු 10ක් වැඩ කරන්න නීති ගෙනෙන්න ඕනේ.
කෙලින්ම වෘත්තිමය දිශාවට යොමු වූ ක්ෂේත්‍ර දෙකින් පිටවූ පසු එම වෘත්ති දෙකටම එකතු වන නිසා. උසස් අධ්‍යාපනයට තේරීමේදී AL ලකූණු මට්ටම පමණක් බැලීම සුදුසුයි කියල හිතන්න බැහැ . රටට ජනතාවට සේවය කිරීමේ සැබෑ උවමනාව සහ ආකල්ප ගැන ද මැන බැලීමේ ක්‍රමයක් අවශ්‍යයි. එහෙම නැති වුනොත් විශාල මුදලක් යට කරලා ඉගැන්නුවයින් පස්සේ ඒගොල්ලෝත් අල්ලස, දුෂණය, පිටරට යෑම, වැඩ වරීම වැනි ආත්මාර්තකාමි පිරිසක් වුනොත් රට හුලන්.