
(ප්‍රසාද් රුක්මල් )
බණ්ඩාරවෙල ප්‍රදේශයේ රෝහලක වෛද්‍ය නිළ නිවාසයේ හොර රහසේ ගංජා පැල වගා කළ වෛද්‍යවරයකු අඩි 6 ක් පමණ උස විශාල ගංජා ගස් 14ක් සමග අත් අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන කාර් යාංශය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම රෝහලේ සේවය කරන එම රෝහලේ වෛද්‍ය නිළ නිවාසයේ පදිංචිව සිටින 32 හැවිරිදි වෛද්‍යවරයකු යැයි පොලිසිය කීය .
ලැබුණු තොරතුරක් මත බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන කාර් යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක ප්‍රියන්ත හේරත් මහතා ඇතුළු නිළධාරින් මෙම වැටලීම සිදු කර ඇති අතර , මෙහිදී රෝහලේ වෛද්‍ය නිළ නිවාසයේ පිටුපස බීට් රූට් සහ තක්කාලි වගාවක හොර රහසේ වගා කර තිබු සරුවට වැව් තිබු ගංජා ගස් 14 සමග සැකකාර වෛද්‍ය වරයා අත් අඩංගුවට ගත් බවද පොලිසිය සදහන් කලේය .
COMMENTS
වවපු කෙනාට ඕන දඬුවමක් දෙන්න. අර ගස් ටිකට නම් මොනවත් කරන්න එපා. ගස් කපන එක පාරිසරික විනාශයක් නේ. ඉඳල හිටල කොල ටිකක් කඩාගත්තට කමක් නෑ.
ත්‍රෛලෝක විජය පත්‍ර වලින් කරන දේශීය වෙදකම හදාරන බටහිර වෛද්‍යවරයෙක් මේ. ඒ පර්යේෂණ එහෙමම කරගෙන යන්න පහසුකම් දෙන්න.
ගොමා හෙට අද මධ්‍යම රාත්‍රි දොළහට වැඩ වර්ජනයක් පටන් ගනීද දන්නේ නැහැ. ගංජා කියන්නේ බටහිර ඖෂධයක් කියලා...