
(රොමේෂ් මධුෂංක)
නැවත වරක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාව සහ ජලගැලීම් හේතුවෙන් කුඹුරු අක්කර 500 කට අධික වී යලි පැලවීමේ දැඩි අවධානමක් පැවතීම හේතුවෙන් ගොවීන් දැඩි සේ අසරණව සිටින බවට කිලිනොච්චිය ගොවි සංවිධාන විසින් පෙන්වා දෙයි.
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ජලගැලීම් වලින් වැඩිම බලපෑම එල්ල වී කණ්ඩාවලෙයි සහ කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි කුඹුරු වෙතට වන අතර එහි කුඹුරු අක්කර 400 කට අධික ප්‍රමාණයක් වැසි ජලය සහ වාන් ජලය රැඳීම හේතුවෙන් වී යලි පැලවීම සහ ගොයම් නරක් වී ඇති බවට එම ගොවීහු පෙන්වා දෙති.
එමෙන්ම වර්ෂාව ඉදිරියටත් පැවතියහොත් කිලිනොච්චියේ කුඹුරු අක්කර දහස් ගණනාවක් විනාශවීමේ දැඩි අවධානමක් පැවතීම හේතුවෙන් ගොවීහු ගැටලු රැසකට මුහුණ පා සිටිති.

2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
870
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2506
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වතුරට යටවුණු ගොයම් පාරට ගෙනත් වේලනවා
ගොං සේතං Thursday, 30 January 2025 04:28 PM
අපේ රටේ ආණ්ඩුවක් ඇති වුණු දවසකට මේවගේ දේවල් වලට මිනිසුන්ට පිහිට වේවි. එතකන් ඉතින් තම අතමය තම හිසට සෙවනැල්ල. මේ වගේ ගොවි ජනතාව පිටු දකින රජයකට ගොවි ජනතාවගේ සහාය ඉල්ලන්න පුළුවන්ද ලැජ්ජාවක් ඇතුව...?
සෙනෙවිරත්න Thursday, 30 January 2025 05:41 PM
ගොං සේතන්ම තමයි. ආණ්ඩුවට වර්ෂාව නවත්තන්න යාගයක් කරන්න කියලාද කියන්නේ..?, මීට කලින් මේ රටට වැහැලාම නැහැ නේද? පහුගිය හානි වලට වන්දි දෙනවානේ. වර්ෂාව කාටත් හිසරදයක් තමයි , තමුන්ලා වගේ අම්බරුවන්ට නම් එක අතකින් හොඳයි.
නුවන් Thursday, 30 January 2025 08:19 PM
"රට අඳුරට'
දිමුත් Friday, 31 January 2025 09:44 AM
වර්ෂා ජලය නිසි ලෙස කලමනාකරණය නොකිරීමේ විපාක...! ආයිත් පරාක්‍රමබාහු රජ්ජුරුවන්ටම එන්න වෙයි වගේ...!