
(අංජුල මහික වීරරත්න)
ජල පරිසරය පසු විපරම් කිරීම සහ දත්ත මත පදනම් වු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා විශාල දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා වන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් පාරිසරික ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම මඟින් කාර්මික අප ජලය බැහැර කිරීම නියාමනය කරනු ලබයි. ඒ අනුව කැලණි ගඟේ ජල තත්ත්ව පසු විපරම් වැඩසටහන මඟින් විශාල දත්ත ප්‍රමාණයක් රැස් කර ගෙන ඇති අතර, ඒවා ඇගයීම් කර තීරණ ගැනීම සඳහා භාවිත කිරීමට හැකියාව පවතී.
එහෙත් ඒ සඳහා ප්‍රමාණවත් පුහුණු නිලධාරීන් නොමැති වීම සහ පසු විපරම දත්ත විශ්ලේෂණය හා පුරෝකථනය සඳහා ප්‍රමාණවත් පහසුකම නොමැති වීම හේතුවෙන් අප ජලය මුදා හැරීමේ නියම තත්ත්ව පසු විපරම් කිරීම සහ දුෂකවල නිශ්චිත ප්‍රභවයන් හඳුනා ගැනීම අභියෝගාත්මක කාර්යයක් වී ඇත.
එම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මධ්‍යම පරිසර අධිකාරිය, මොරටුව විශ්ව විද්‍යාලය සහ ජපානයේ ටොහොකු විශ්ව විද්‍යාලය විසින් හවුල් පර්යේෂණ ව්‍යාපෘතියක් වශයෙන් ජල පරිසරය පසු විපරම් කිරීම සහ දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා විශාල දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීම' යන මැයෙන් ව්‍යාපෘති යෝජනාවක් තිරසර සංවර්ධනය සඳහා වන විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ හවුල්කාරිත්ව වැඩසටහන යටතේ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය වෙත ඉදිරිපත් කරනු ලැබ තිබේ.
එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 646 ක ප්‍රදානයක් ලබා දීමට ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය විසින් එකඟතාව පළ කර ඇත. ඒ අනුව එකී ප්රදානය ලබා ගෙන යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd